පොදු දේපොළ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව පවරා ඇති නඩු කටයුත්ත අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත කැඳවීමට නියමිතව තිබේ.
රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID මගින් මෙම විමර්ශන පවත්වා ඇත. අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඊට අදාළ වාර්තා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සඳහා යොමුකර ඇති බව CID ය මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.
ඒ අනුව, අදාළ නඩු ගොනුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ඉදිරි පියවර සහ ස්ථාවරය අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීම සඳහා මෙලෙස නඩුව අද දින කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබුණි.


