හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
රෝහිත බෝගොල්ලාගම මහතා මීට පෙර විදේශ කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙසත්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් කටයුතු කර ඇති අතර, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙසද සේවය කර තිබෙනවා.


