අනෝජන්ගේ මරණ දඬුවම ගැන ඇම්නෙස්ටිගෙන් දැඩි ප්‍රකාශයක්

සෞදි අරාබිය විසින් මෙරට තරුණයෙකු වන ආනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඞුවම වහාම අවලංගු කළ යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ අදාළ චෝදනාව සම්පූර්ණයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මත පදනම් වී ඇති බැවින් ඔහු වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවයි.

මොහොමඩ් නබි තුමාට අපහාස කරන බවට සැලකෙන අදහසක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පල කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සිවරාසා අනෝජන්ට සෞදි අරාබියානු අභියාචානධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබුවා.

හුදෙක් තම අදහස් ප්‍රකාශ කිරිම හේතුවෙන් කිසිවෙකු සිරගත නොකළ යුතු අතර මරණ දඬුවම වැනිදඬුවමකට ලක් නොකළ යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පෙන්වා දෙනවා.

මේ අතර මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා අද (08) ඔහු රැඳී සිටින බන්ධනාරය වෙත යාමට නියමිතව තිබෙනවා.

බන්ධනාගාරෙයේ රඳවා සිටියදී අනෝජන්ට තවත් සිරකරුවකු විසින් පහරදීමක් සිදුකර තුවාල කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට තානාපතිවරයා දමාම් හි බන්ධනාගාරය වෙත යාමට නියමිත බව වාර්තා වනවා.

මේ අතර සිවරාසා අනෝජන්ට එරෙහිව පනවා ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා සෞදි අරාබියාවට ගොස් සිටින මෙරට නියෝජිත කණ්ඩායම අද දිනයේත් ඒ සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ ඊයේ (07) දිනයේත් එරට නීතීඥවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගත් බවයි.

ලබන 17 වන දිනට පෙර අනෝජන්ගේ අභියාචනය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ෆයිසර් මුස්තාෆා මන්ත්‍රීවරයා සඳහන් කළා.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron