අමෙරිකානු වීසා අයදුම්කරුවන්ට දැඩි අවවාදයක්!

අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ලාංකිකයින් සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

වීසා ලබා ගැනීමේ අරමුණින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙසත්, එසේ කළහොත් අමෙරිකානු වීසා ලබාගැනීමේ අවස්ථාව සදහටම අහිමි විය හැකි බවත් එහි දැඩිව අවධාරණය කර ඇත.

එම නිවේදනයට අනුව, අමෙරිකාවේ සංචාරය කරන පුද්ගලයින් තම ගමන් වියදම් මෙන්ම, අනපේක්ෂිත ගමන් බාධා හෝ හදිසි වෛද්‍ය අවශ්‍යතාවන්හිදී ඊට මුහුණ දීමට ප්‍රමාණවත් මූල්‍ය ශක්තියකින් යුක්ත වීම අනිවාර්ය වේ. සංචාරකයින් ලෙස එක්සත් ජනපදයට ඇතුළු වීමෙන් පසු එරට රජයේ මහජන ආධාර මත යැපීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බව, වීසා සම්මුඛ පරීක්ෂණයේදී සැබෑ සාක්ෂි සහිතව තහවුරු කිරීමට අයදුම්කරුවන් සූදානම් විය යුතු බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

මේ අතර, වීසා සම්මුඛ පරීක්ෂණයේදී කිසිදු අයුරකින් ව්‍යාජ හෝ කූට ලියකියවිලි ඉදිරිපත් නොකරන ලෙස නිවේදනය මගින් දැඩිව දැනුම් දී තිබේ. යම් හෙයකින් එවැනි ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමක් අනාවරණය වුවහොත් එය බරපතළ වංචාවක් ලෙස සැලකේ. ඒ හරහා දැනට පවතින වීසා බලපත්‍රය අහිමි වීමට අමතරව, අනාගතයේදී කිසිදු දිනක අමෙරිකානු වීසා ලබාගැනීමට නොහැකි වන පරිදි අදාළ පුද්ගලයින්ව ස්ථිරවම නුසුදුස්සන් බවට පත් කරන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.

එබැවින්, ව්‍යාජ ක්‍රමවේදයන්ගෙන් බැහැරව මනා සූදානමකින් සහ නිවැරදි ලියකියවිලි සහිතව වීසා සම්මුඛ පරීක්ෂණය සඳහා පෙනී සිටින ලෙස තානාපති කාර්යාලය මහජනතාවට දැනුම් දෙයි.

Hot this week

ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුවකට අවුරුදු 10ක්වත් ඕනේ

ජනතාවගේ සැබෑ අවශ්‍යතා සම්පූර්ණයෙන් ඉටු කරමින් සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව...

කොළඹට ළඟා වන විට ඥානසාර හිමියන් නිදහස් කළ යුතුයි

ඥානසාර හිමියන් වෙනුවෙන් පැවැත්වෙන පාගමන කොළඹට ළඟා වන විට...

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කළ භික්ෂුවගේ අභියාචනය නිෂ්ප්‍රභයි

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින...

තංගල්ලේ පන්සලකට ගිය ප්‍රංශ තරුණියකට අතවරයක්!

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටි 32 හැවිරිදි ප්‍රංශ...

ඥානසාර හිමියන් ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන්ගෙන් බරපතළ චෝදනාවක්

බන්ධනාගාරය තුළ ව්‍යාජ ගැටුමක් මවාපා ඥානසාර හිමියන් පිස්තෝලයක් පැහැරගෙන...

Topics

බොරු තොරතුරක් සමාජගත කල තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර...

ශිරන්ති රාජපක්ෂට වෛද්‍ය මණ්ඩලයක්?

රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන...

ඥානසාර හිමිගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ඉවත් වෙයි

ඥානසාර හිමිගේ පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණ සභාපති...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron