ඥානසාර හිමියන්ගේ පාද යාත්‍රාව පිටුපස විමල්, ගම්මන්පිල, වීරසේකර ඇතුළු පරාජිත කණ්ඩායම

ඥානසාර හිමියන් නිදහස් කරගැනීමේ පාද යාත්‍රාව පිටුපස සිටින්නේ විමල්, ගම්මන්පිල ඇතුළු පරාජිත දේශපාලන කණ්ඩායමක් බවත්, මෙය ඔවුන්ගේ අවසාන තුරුම්පුවක් බවත් සමාජ-දේශපාලන විශ්ලේෂක විදර්ශන කන්නන්ගර පවසයි.

රාජපක්ෂ පවුල් සමාගමට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග දැඩි වන විට මෙවැනි කූට උපායන් යොදාගැනීම පරාජිත දේශපාලකයින්ගේ සිරිතක් බවත්, ජනතාව දැන් සබුද්ධික බැවින් මෙවැනි උපක්‍රමවලට නොරැවටෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. නැවත වරක් රටේ පාලනය රාජපක්ෂවරුන් අතට ගියහොත් රට තුළ ජාතිවාදය යළි හිස ඔසවනු ඇති බවද ඔහු සඳහන් කළේය.

තවද, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, නීතිඥ සංගමය සහ වෛද්‍ය සංගම් මෙහෙයවනු ලබන්නේ සජිත් ප්‍රේමදාස සහ රාජපක්ෂවරුන් විසින් බවට චෝදනා කළ කන්නන්ගර මහතා, 22 වන සංශෝධනයට එරෙහිව හඬ නැඟූ නීතිඥ සංගමය ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීම හමුවේ නිහඬව සිටින්නේ මන්දැයි ප්‍රශ්න කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විකටයෙකු ලෙස හඳුන්වමින් ඔහු යළිත් ජාතිවාදය අවුස්සමින් සිටින බව පැවසූ ඒ මහතා, දෙමළ, මුස්ලිම් සහ කඳුරට ජනතාවට නැවතත් එවැනි පරාජිතයින්ව බලයට ගෙන ඒමට පෙර මහනුවර දිගන ප්‍රදේශයේ ඇතිවූ අවාසනාවන්ත අරගල මතකයට නගාගන්නා ලෙස ඉල්ලා සිටියේය. මෙකී සියලු සිදුවීම් පිටුපස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහද ප්‍රධාන ඒජන්තවරයෙකු ලෙස ක්‍රියා කරන බව විදර්ශන කන්නන්ගර වැඩිදුරටත් සඳහන් කළේය.

Hot this week

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී...

ගෝඨාගේ රට යෑමේ මෝෂම ප්‍රතික්ෂේපයි, ප්‍රතිකාර ගැන මානුෂීයව බලන බව කියයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ්...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

Topics

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක...

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron