ශ්රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ ඇති වී තිබෙන කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 24 ඇතුළත අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙහි බලපෑම හේතුවෙන් අද (21) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා මෙන්ම වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවලද වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරේ. ඒ අනුව අද දිනයේ දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලට මෙන්ම අනුරාධපුර දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත වීමේ හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


