අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයකු වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර පියල් මනම්පේරි නැමැත්තාගේ සහෝදරයකු වන සම්පත් මනම්පේරි නැමැත්තාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.
මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක්ද නිකුත් කර තිබේ.
“අප පක්ෂයේ සාමාජිකයකුව සිටි අඟුණකොළපැලැස්ස තලාව පදිංචිව සිටි සම්පත් මනම්පේරි යන පුද්ගලයාට එරෙහිව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීමක් සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත් වී ඇත. අප පක්ෂය කිසිවිටෙකත් මෙවැනි චෝදනාවන්ට පත්වන්නන්ට කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වනපරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන ලදී.”
“එසේ වුවද ඔහුට එරෙහිව නගා ඇති චෝදනාව ඉතා බරපතළ ගණයේ චෝදනාවක් වන අතර මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාවට අදාළ පරීක්ෂණ ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සත්‍ය තත්ත්වය හෙළිදරව් කිරීමට කටයුතු කරනු ඇතැයි පක්ෂයක් ලෙස අපි බලාපොරොත්තු වෙමු.”
බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී මෙම රසායනික ද්‍රව්‍ය සොයාගත් අතර කෙහෙල් බද්දර පද්මය නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද ඔහු පවසා තිබේ.


