ධම්මික පෙරේරා Laugfs සමූහයේ කොටසක් මිලදී ගැනීමත් සමඟ Laugfs සමූහයේ සම නිර්මාතෘවරයක මෙන්ම නියෝජ්‍ය සභාපතිවරයාද වන තිලක් ද සිල්වා මෙහි කොටස් හිමිකාරීත්වයෙන් ඉවත්ව තිබේ.
තිලක් ද සිල්වා මේ සම්බන්ධයෙන් තම අදහස් දක්වමින් සඳහන් කරන්නේ, Laugfs සමාගම දැනට පවතින තත්ත්වයෙන් නැගී සිටීමට නම් විශාල මූල්‍ය ශක්තියක් අවශ්‍ය බවත්, ඒ අනුව වඩාත් හොඳ ආයෝජකයෙකුට සමාගම තුළ ඉඩක් ලබාදීම සඳහා තමා ඉවත් වූ බවත්, මෙම සන්නාමයේ පැවැත්ම උදෙසා මෙම තීරණය ගත් බවත්ය.
මෙම ගනුදෙනුවේ වටිනාකම සාකච්ඡාවෙමින් පවතින බව පවසමින් තිලක්ඛ සිල්වා එය හෙළිකිරීම ප්‍රතික්ෂේප කළ නමුත් ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 5 ත් 7ත් අතර වන බව අනුමාන කෙරේ.
Laugfs Gas සමාගම මේ වසරේ ජූනි කාර්තුව සඳහා රුපියල් මිලියන 888 ක දල ලාභයක් වාර්තා කළද, රුපියල් මිලියන 733 ක මූල්‍ය පියවරක් දැරීමට සිදුවීම හේතුවෙන් පාඩු ලබා ඇති බවත් Laugfs සමාගම සතුව රුපියල් බිලියන 12 ක දිගුකාලීන ණය සහ රුපියල් බිලියන 19ක කෙටි කාලීන ණය පවතින බවත් වාර්තා වෙයි.
ධම්මික පෙරේරාගේ ආයෝජනය සමගින් Laugfs සමූහයට කලාපයේ බලශක්ති සැපයුම්කරුවකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට හැකි වනු ඇතැයි Laugfs power හී ප්‍රධාන විධායක නිලධාරී මිතිල වේගපිටිය පැවසීය.
ඒ අනුව තවදුරටත් තම අදහස් දක්වමින් මෙතිල වේගපිටිය සඳහන් කළේ Laugfsහි හැකියාවන් ප්‍රයෝජනයට ගැනීමට එදා හොඳ පුද්ගලයකු ලෙස ධම්මික පෙරේරා දුටු බවත්, එය ඉතා හොඳ හවුල් හවුල්කාරීත්වයක් වනු ඇති බවත්ය.


