හම්බන්තොටින් තවත් රසායනික ද්‍රව්‍ය තොගයක්

කළුතර අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරමින් සිටින ‘ඇඹිලිපිටියේ සුරංග’ නැමති අපරාධකරුවෙකුගෙන් ලද තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කරන හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් වටලා තිබේ.

පොලිසිය සඳහන් කළේ, එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන යොදාගත් බවට සැක කෙරෙන උපකරණ සහ රසායනික ද්‍රව්‍ය මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක මෝටර් රථයක් සොයා ගැනීමට හැකි වූ බවයි.

ඇඹිලිපිටියේ සුරංග නමැත්තාගෙන් ලද තොරතුරක් මත පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේදී වයස අවුරුදු 21 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී හම්බන්තොට, මයුරපුර ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක් පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

එම නිවාඩු නිකේතනයේ තිබේ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගත් බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය ලීටර් 52 ක කෑන් 14 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගත් බවට සැක කරන තවත් උපකරණ රැසක් ද කළුතර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.

ඊට අමතරව අදාල නිවාඩු නිකේතනයේ නවතා තිබූ මෝටර් රථයක්ද, පොලිස් භාරයට ගෙන ඇති අතර එය තැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලී සාමාජිකයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බව අනාවරණය වී ඇත.

මෙම මෝටර් රථය දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙන පානදුර නිලංග නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදා ගත් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර අදාල නිවාඩු නිකේතනය තුළ ඉරාන ජාතිකයන් කිහිප දෙනෙකුට සහ වලට පුද්ගලයින් කියපු දෙනෙකු එක්ව මෙම අයිස් නිෂ්පාදනය කර ඇති බව වාර්තා වේ.

මෙම අ‍යිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වූ අනිත් සැකකරුවන් සොයා කළුතර අපරාධ කොට්ඨාසය ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරමින් සිටි.

මේ අතර අත්අඩංගුවට ගත් 21 හැවිදි සැකකරු අද (15) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron