Wednesday, December 31, 2025
26.1 C
Sri Lanka

හම්බන්තොටින් තවත් රසායනික ද්‍රව්‍ය තොගයක්

කළුතර අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරමින් සිටින ‘ඇඹිලිපිටියේ සුරංග’ නැමති අපරාධකරුවෙකුගෙන් ලද තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කරන හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් වටලා තිබේ.

පොලිසිය සඳහන් කළේ, එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන යොදාගත් බවට සැක කෙරෙන උපකරණ සහ රසායනික ද්‍රව්‍ය මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක මෝටර් රථයක් සොයා ගැනීමට හැකි වූ බවයි.

ඇඹිලිපිටියේ සුරංග නමැත්තාගෙන් ලද තොරතුරක් මත පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේදී වයස අවුරුදු 21 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී හම්බන්තොට, මයුරපුර ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක් පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

එම නිවාඩු නිකේතනයේ තිබේ අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගත් බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය ලීටර් 52 ක කෑන් 14 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදාගත් බවට සැක කරන තවත් උපකරණ රැසක් ද කළුතර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.

ඊට අමතරව අදාල නිවාඩු නිකේතනයේ නවතා තිබූ මෝටර් රථයක්ද, පොලිස් භාරයට ගෙන ඇති අතර එය තැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලී සාමාජිකයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බව අනාවරණය වී ඇත.

මෙම මෝටර් රථය දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවෙන පානදුර නිලංග නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදා ගත් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර අදාල නිවාඩු නිකේතනය තුළ ඉරාන ජාතිකයන් කිහිප දෙනෙකුට සහ වලට පුද්ගලයින් කියපු දෙනෙකු එක්ව මෙම අයිස් නිෂ්පාදනය කර ඇති බව වාර්තා වේ.

මෙම අ‍යිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සම්බන්ධ වූ අනිත් සැකකරුවන් සොයා කළුතර අපරාධ කොට්ඨාසය ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරමින් සිටි.

මේ අතර අත්අඩංගුවට ගත් 21 හැවිදි සැකකරු අද (15) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron