සොබාදනවි LNG බලාගාරය විවෘත කෙරේ

මෙරට බලශක්ති ක්ෂේත‍්‍රයේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින් ඉදිකළ මෙගාවොට් 350ක ධාරිතාවයෙන් යුත් කෙරවලපිටිය සොබාදනවි ද්‍රවිකෘත ස්වභාවික වායු (LNG) විදුලි බලාගාරයේ දෙවන අදියර ඊයේ (17) විවෘත කෙරිණි.

අග‍්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සමාරම්භක උත්සවය, රටේ දිගුකාලීන ආර්ථික වර්ධනයට දායක වන වැදගත් යටිතල පහසුකම් ව්‍යාපෘතියක නිමාව සනිටුහන් කරමින් ජාතික විදුලි අවශ්‍යතාව සපුරයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන විදුලි ජනන සැලැස්මේ ප‍්‍රධානතම ව්‍යාපෘතියක් වන සොබාදනවි බලාගාරය, වර්තමාන විදුලි ඉල්ලූමෙන් 12%ක් සපුරාලීමට සමත් ය.

එමෙන්ම මෙය ශ‍්‍රී ලංකාවේ විශාලතම හා වඩාත්ම කාර්යක්ෂම සංයුක්ත චක‍්‍රීය බලාගාරය වේ. මෙම බලාගාරය මඟින් ඉදිරි වසර 20ක කාලයක් සඳහා රටට අවශ්‍ය බලශක්තිය සැපයීමට හැකිය.

මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ක‍්‍රියාත්මක ය.

පළමු අදියර: මෙගාවොට් 220ක ධාරිතාවක් සහිත විවෘත චක‍්‍රීය මෙහෙයුම්.

දෙවන අදියර: වාෂ්ප ටර්බයිනයක් ස්ථාපනය කිරීමෙන් මෙගාවොට් 130ක ධාරිතාවක් එක්කර, සමස්ත ධාරිතාව මෙගාවොට් 350ක් දක්වා වැඩි කර ඇත. මෙම සංයුක්ත චක‍්‍රීය අදියරේ ඉදිකිරීම් 2025 ජුනි 23 වන දින සම්පූර්ණ කරන ලදි.

මෙම බලාගාරය LNG ප‍්‍රාථමික ඉන්ධන ලෙසත්, ඞීසල් ද්විතීයික ඉන්ධන ලෙසත් භාවිතයෙන් ක‍්‍රියාත්මක වේ. LNG භාවිතයේ උපරිම කාර්යක්ෂමතාව ලබා ගැනීම සඳහා, පූර්ණ වාණිජ මෙහෙයුම් ඇරඹීමෙන් වසර තුනක් ඇතුළත LNG සැපයීමට ශ‍්‍රී ලංකා රජය සමඟ ගිවිසුම්ගත වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැලැස්මට (2023-2042) අනුකූලව මෙම ව්‍යාපෘතිය 2030 වන විට ජාතික අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය මගින් සලසා ගැනීමේ ඉලක්කයට ළඟාවීමට සෘජුවම දායක වේ.

තවද, මෙම බලාගාරයේ ත්‍ පන්තියේ ගෑස් ටර්බයිනයට 30%ක් හයිඩ‍්‍රජන් මිශ‍්‍රකිරීමේ හැකියාව ඇති බැවින්, 2050 වන විට කාබන් ශුන්‍ය විමෝචන ඉලක්කයට ළඟාවීමට එය විශාල සහායක් සපයයි.

මෙම ව්‍යාපෘතිය, ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධිත සමාගමක් වන LTL Holdings හි අනුබද්ධිත ලක්දනවි සමාගමේ අනුබද්ධිත සමාගමක් වන සොබාදනවි සමාගම විසින් ක‍්‍රියාත්මක කරනු ලබයි. දේශීය බැංකු සමූහයක් හරහා ලබාගත් ණය මුදලක් මඟින් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සපයාගෙන ඇති අතර, 2025 අපේ‍්‍රල් මාසයේදී ණයකරුවන් හා රජය අතර ඍජු ගිවිසුමක් ද අත්සන් කරන ලදි.

මෙම ව්‍යාපෘතිය ඉංජිනේරු, මූල්‍යකරණ, ඉදිකිරීම්, මෙහෙයුම් සහ නඩත්තු කිරීමේ ක්ෂේත‍්‍රවල ශ‍්‍රී ලාංකික හැකියාවන් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව නැවත වරක් තහවුරු කරයි.

සොබාදනවි විදුලි බලාගාරය ශ‍්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනය තුළ ප‍්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට කැපවී සිටියි. ස්ථාවර හා දැරිය හැකි මිලකට බලශක්ති සැපයුමක් ලබා දීමට, රට තුළ කර්මාන්ත වර්ධනයට, රැකියා උත්පාදනයට මෙන්ම සමස්ත ආර්ථික ස්ථාවරත්වයට සහාය වීමට මෙම බලාගාරයට හැකියාව පවතී.

එසේම ඍජුවම සේවකයින් දහස් ගණනකට රැකියා උත්පාදනය මෙන්ම වක‍්‍රාකාරයෙන් රට පුරා මිලියන ගණනක් පුරවැසියන්ට සේවය සැපයේ.

එමෙන්ම සොබාදනවි බලාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වූ කාලය තුළ සැලකිය යුතු ලෙස ඉංජිනේරුවරියන්, කාන්තා විධායක නිලධාරින් සහ සහායක කාර්ය මණ්ඩලය තුළ ද කාන්තාවන් සේවයේ නිරත වූ අතර, එමගින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ලක්දනවි සමාගම සතු දැඩි කැපවීම තහවුරු කරයි.

සොබාදනවි විදුලි බලාගාරය ශ‍්‍රී ලංකාවේ බලශක්ති අනාගතයේ ප‍්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කෙරේ

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron