Saturday, February 28, 2026
18.9 C
Sri Lanka

යුරෝපා සංගමය සහ යුනිසෙෆ් එක්ව ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ වින්දිත දරුවන් වෙනුවෙන් වැඩ පිලිවෙලක්

 අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, යුනිසෙෆ් සහ යුරෝපා සංගමයේ සහයෝගය ඇතිව, ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් දරුවන්ට සහාය දැක්වීම සඳහා සුවිශේෂී වැඩසටහනක් අද දියත් කළෝය. යම් කිසි සිදුවීමක් පොලිසියට, උපකාරක සේවාවලට හෝ වෙනත් ආයතන වෙත වාර්තා කළ මොහොතේ සිට, ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් දරුවන් අඛණ්ඩ රැකවරණ යාන්ත්‍රණ සමඟ සම්බන්ධ වනතෙක්, කඩිනම් සහ ළමා-හිතකාමී සහාය ලබාදීම මෙම විධිමත් කිරීමේ ක්‍රියාවලියේ අරමුණයි.

මහනුවරදී සමාරම්භ කෙරෙන මෙම සේවාවන් විධිමත් කිරීමේ ක්‍රියාවලිය, ළමා ආරක්ෂණ සහ අධිකරණ පද්ධතියේ පරිවර්තනීය වෙනස්කම් හඳුන්වා දෙයි. ඒ අතරට ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ ප්‍රධාන අංග හයක් ඇතුලත් වේ. 1929 උපකාරක සේවාව වැඩිදියුණු කිරීම, ළමා ආරක්ෂණය පිළිබඳ සිද්ධි කළමණාකරන පද්ධතියක් හඳුන්වා දීම, දරුවන් සඳහා වන සහාය සේවා ඉහළ නැංවීම, අධිකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, දරුවන්ගෙන් සාක්ෂි ලබා ගැනීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම සහ ළමයින්ට සාක්ෂි ලබාදීම සඳහා සුවිශේෂී පහසුකම් සහිත ළමා-හිතකාමී අධිකරණ ක්‍රියාදාමයක් හඳුන්වා දීම මීට ඇතුළත් වේ. යුරෝපා සංගමය සිය යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (Justice to Sector Project – JURE) යටතේ, ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් දරුවන් සඳහා වන මෙම සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දක්වයි.

මෙම ක්‍රියාවලිය ජාතික සහ ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව සිදුකර ඇති කැපවීම් යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ගන්නා ලද වැදගත් පියවරකි. ප්‍රචණ්ඩත්වයට ලක්වූ දරුවන් සඳහා තිබෙන සේවා වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ අන්තර්ගත වී තිබේ. ප්‍රචණ්ඩත්වයට ලක් වූ දරුවන් සඳහා මෙම සේවාවන් හඳුන්වා දීම, දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම පිළිබඳ 2024 බොගෝටා සමුළුවේදී ශ්‍රී ලංකාව ලබාදුන් පොරොන්දුවල කොටසකි.

මෙවැනි ප්‍රවේශයක් තුළින්, දරුවන් සමඟ වැඩ කරන සියලුම ආයතන සහ වෘත්තිකයන්, දරුවන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ යහපැවැත්ම ආරක්ෂා කිරීමට සහ ඒවාට ප්‍රමුඛත්වය දීමට කටයුතු කරයි. එමෙන්ම මෙමඟින් කඩිනම් සහ ගුණාත්මකභාවයෙන් ඉහළ සහාය ලබාදීම සහතික කරයි. ප්‍රචණ්ඩත්වයට ලක් වූ දරුවන් සඳහා වූ මෙම සේවාවන්, ඩිජිටල් නවෝත්පාදන ඇතුළුව ජාත්‍යන්තර භාවිතවල මඟ පෙන්වීම යටතේ සිදුකර ඇත. ශ්‍රී ලංකාවේ දරුවන් සඳහා වන සේවාවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය පිළිබඳව ඇති ගැටලු සඳහා ප්‍රතිචාර දක්වමින් වෙනස්කම් මාලාවක් ද හඳුන්වා දී ඇත.

එහි එක් පියවරක් ලෙස පළමු ඩිජිටල් නවෝත්පාදනවලින් එකක් මහනුවර මහාධිකරණයේ දී හඳුන්වා දෙන ලදි. දරුවන්ගේ වයස්වලට ගැලපෙන ආකාරයෙන් නවීකරණය  කර, ශ්‍රව්‍ය-දෘශ්‍ය තාක්ෂණයෙන් ද සමන්විත මෙය, අපරාධ නඩු විධාන සංග්‍රහයට 2025 ජුනි මස ඇතුළත් කරන ලද නවතම සංශෝධනය ක්‍රියාත්මක කරමින්, දරුවන්ට අධිකරණ පරිශ්‍රය තුළ වෙනම කාමරයක සිට සාක්ෂි දීමට ඉඩ සලසයි. එමගින්, දරුවකුට  අපරාධකරුවන් සමඟ ඍජුව, මුහුණට මුහුණ හමු නොවීම තුළින්, එම ආරක්ෂාව සැලසෙන අතර දරුවාට මුහුණ දීමට සිදුවන කම්පනය ද අවම කරයි.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙසේ පැවසීය. “මෙය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ හැරවුම් ලක්ෂ්‍යයක්. මෙම සේවා මගින් දරුවන්ට බියෙන් තොරව, නීතියෙන් ආරක්ෂාව ඇතිව, තාක්ෂණයේ සහාය ඇතිව, ගෞරවාන්විතව උසාවියේදී හඬක් නැගීමට ඉඩ සැලසෙනවා. මෙය දරුවන් සඳහා මහාධිකරණ ක්‍රියාවලිය ළමා හිතකාමී   කිරීම සඳහා වැදගත් .”

මෙම සේවා විධිමත් කිරීම මගින්, ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ දරුවන් ආරක්ෂා කිරීමේ නව ක්‍රමවේදයක ආරම්භය සනිටුහන් කරන බව, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පැවසුවාය. “ආයතන අතර සමබන්ධීකරණය වැඩිදියුනු කිරීම තුළින්, දරුවන්ට යුක්තිය පසිඳලිමේ ගුණාත්මකභාවය වැඩිදියුණු වේ.  ඒ සමඟම ආරක්ෂණ සහ සුබසාධන සේවා වඩාත් ඵලදායී ලෙස ලබා ගැනීමට හැකි වන අතර, ඒ සියල්ල ළමා-හිතකාමී ආකාරයකින් ලබා දීමටත් හැකිවේ,” යැයි එතුමිය පැවසුවාය. 

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය අගය කරමින්, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි, අතිගරු  කාමන් මොරේනෝ මහත්මිය මෙසේ පැවසුවාය, “දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය බරපතල කාරණයක් වන අතර ඊට එරෙහිව කඩිනම්ව කටයුතු කල යුතු වේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජය සිදුකර ඇති එකඟතා, ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා සංගමය, යුනිසෙෆ් හරහා JURE ව්‍යාපෘතිය තුළින් ඉතා වැදගත් මැදිහත්වීම් සිදු කර ඇත. අද දින එලිදැක්වූ මෙම ක්‍රියාවලීන්, ළමා හිතකාමී සේවාවන් සපයමින් ඔවුන්ට යුකිතිය ඉටු කිරීමට උපකාරී වනු ඇත.”  

මෙහිදී, ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත, එමා බ්‍රිගම් මහත්මිය මෙසේ පැවසුවාය: “අද, ශ්‍රී ලංකාව තම ගෝලීය එකඟතාවලට අනුකුලව, දරුවන් වෙනුවෙන් සැබෑ වෙනසක් සිදුකරමින් සිටි. ආරක්ෂණය සහ යුක්තිය යන දෙකම එක්වූ, පරිපූර්ණ, සම්බන්ධීකරණයක් සහිත, සහ දරුවන් කේන්ද්‍ර කරගත් පද්ධතියක්, දරුවන් සුරක්ෂිතව තබා ගැනීමට සහ ඔවුන්ගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට සහාය වන බව සහතික කරයි. අපි මෙම පරිවර්තනීය ප්‍රවේශය සාදරයෙන් පිළිගන්නා අතර, එවැනි සේවා රට පුරා ව්‍යාප්ත වනවා දැකීමට බලාපොරොත්තු වෙමු.”

ශ්‍රී ලංකා රජය, යුරෝපා සංගමය සහ යුනිසෙෆ් එක්ව සෑම දරුවෙකුගේම ආරක්ෂාව ලැබීමේ අයිතිය තහවුරු කරයි.

යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE), යුරෝපා සංගමයේ සහාය ඇතිව, අධිකරණ අමාත්‍යාංශය සමඟ යුනිසෙෆ් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරයි. එහි අරමුණ වන්නේ අධිකරණ පද්ධතිය මහජනයාට  ප්‍රවේශ විය හැකි, කාර්යක්ෂම සහ සියල්ලන් ඇතුළත් වන ලෙස ශක්තිමත් කිරීමයි. නීති පද්ධතිය තුළ දරුවන්ට වඩා හොඳ ආරක්ෂාවක් සහ සහායක් සහතික කරමින්, ළමා-හිතකාමී යුක්තිය සහ ළමා ආරක්ෂණ ක්‍රියාවලි වැඩිදියුණු කිරීමේ ප්‍රයත්නවලට යුනිසෙෆ් නායකත්වය දෙයි.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron