අල්ලස් කොමිසම ගැන බොරු කියන අයට නඩු.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට එරෙහිව පදනම් විරහිත සහ නොමග යවනසුළු ප්‍රකාශ ප්‍රචාරය කරන පුද්ගලයන්ට හා ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට දන්වමින් එම කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (02) එම මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, යුක්තිය පසිඳලීමට බාධා කිරීමදූෂණය පිටුදැකීමේ සටන සම්බන්ධයෙන් මහජනයා තුළ ඇති විශ්වාසය අවතක්සේරු කරන පදනම් විරහිත ප්‍රකාශ ප්‍රචාරය කිරීම, අවභාවිතා කළ නොහැකි බවයි.

එමෙන්ම විවිධ සැඟවුණු අරමුණු සහිතව කටයුතු කරන ඇතැම් පුද්ගලයන් හා ආයතන විසින් විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඔස්සේ කොමිෂන් සභාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව  දැඩි කනස්සල්ල පළ කළා.

ඒ අනුව, කොමිෂන් සභාව සම්බන්ධයෙන් වැරදි සහගත ප්‍රචාර සිදු කරන හෝ කොමිෂන් සභාවට හෝ එහි කටයුතුවලට අවමන් කරන පුද්ගලයන් හෝ ආයතන සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනත සහ අදාළ අනෙකුත් නීති යටතේ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කොමිෂන් සභාව කිසිසේත් පසුබට නොවන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම, මෙම වැදගත් කර්තව්‍ය සම්බන්ධයෙන් ජනතාව නොමග යැවීමට සහ ජනතා අවධානය වෙනතට යොමු කිරීමට දරන උත්සාහයන් පිළිබඳව අවදියෙන් සිටින ලෙස කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම මාධ්‍ය නිවේදනය පහතින් ,

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron