Wednesday, December 31, 2025
25.4 C
Sri Lanka

මහීපාල හේරත්, බිරිඳගේ හෝටලය කඩා ඉවත් කරලා

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් සිය බලතල නීති විරෝධී ලෙස භාවිත කරමින් සිය බිරිදගේ නමින් පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ ඉදි කර තිබූ හෝටලය කඩා ඉවත්කරගෙන ඇත.

මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක සඳහන් කළේ මසක් ඇතුළත අදාළ ගොඩනැගිල්ල කඩා ඉවත් කරගන්නා ලෙසට හිටපු ආණ්ඩුකාර බිරිද වන අජන්තා රෑපසාරි හේරත් යන අයට පසුගිය මස 18 වැනිදා දැනුම් දී තිබූ බවයි.

පර්චස් හැටක භුමිභාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි එසේ කඩා ඉවත් නොකලහොත්, අදාළ ගොඩනැගිල්ල ඉවත් කරන ලෙස ප්‍රාදේශීයීය ලේකම්වරයා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වැව් රක්ෂිත මායිම් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලබයි. ඒ අනුව පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතය මායිම් කිරීමේදී නීතිමය ලියකියවිල්ලක් නොමැතිව වැව් රක්ෂිතය තුළ හිටපු ආණ්ඩුකාර බිරිඳගේ නමින් හෝටලයක් ඉදිකර ඇති බව අනාවරණය විය. ඒ අනුව නීතිවිරෝධී ලෙස ඉදි කර ඇති එම හෝටලය කඩා දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව හිටපු ආණ්ඩුකාරවරයා විසින්ම සේවකයන් පිරිසක් යොදවා එම ඉදි කිරීම් කඩා දමා ඉවත් කර ගැනීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

වැව් රක්ෂිතයේ ඉදිකර තිබූ මෙම අනවසර ගොඩනැගිලි සදහා විදුලි බල මණ්ඩලය විදුලිය ද දී තිබෙන බව වාර්තා වේ.

දිවයින පුරා පිහිටි වැව් 23ක රක්ෂිත කලාප තුළ දේශපාලනඥයන් විසින් නාන තටාක සහිත හෝටල් පවා ඉදිකර ඇති බවට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ විසින් ජූලි 17 වෙනිදා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී හෙළිදරව් කළේය.

මෙලෙස අනීතික ඉදිකිරීම් සිදුව ඇති වැව් 23හිම රක්ෂිත මායිම් නිවැරදිව සලකුණු කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

මේ වන විට පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතයේ සියළු මැනුම් කටයුතු අවසන් කොට මායිම් ගල්ද දමා අවසන් කොට ඇති බව වාර්තා වේ.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron