වෙනස් වූ අමාත්‍යාංශ විෂය පථයන් සහ කාර්යයන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන, සහ රාජ්‍ය සංස්ථා වෙනස් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ පසුගියදා සිදු වූ සංශෝධනයට සමගාමීව මෙම විෂය පථ වෙනස් කිරීම් සිදු කර තිබෙන බව සඳහන් වේ.

එම සංශෝධනවලට අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ පැවති පුනරුත්ථාපන කාර්යංශය පවතින්නේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතේය.

සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථාව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයට මාරු කර තිබේ.
සීමාසහිත සැලසිනේ මීඩියා සොලියුෂන්ස් පුද්ගලික ආයතනය බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයෙන් ගෙන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පවරා තිබේ.

භූ විද්‍යා, සමීක්ෂණ හා පතල් කාර්යංශය පරිසර අමාත්‍යංශයෙන් කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය වෙත පවරා ඇති අතර කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය යටතේ තිබූ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පත්ව ඇත්තේ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතටයි.

තවද, බලශක්ති අමාත්‍යංශය යටතේ ඇති ලංකා විදුලිබල සමාගම සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම ලෙස සංශෝධනය කර තිබේ.
විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ හඳුන්වා දුන් නව ආයතන 4 ද මෙම නව ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

මීට අමතරව, පසුගිය කැබිනට් සංශෝධනයේදී හඳුන්වා දුන් නව අමාත්‍යංශවල විෂය පථයන් ද මෙම නව ගැසට් පත්‍රය මගින් පැහැදිලි කර දී ඇත.

Hot this week

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

එළඹෙන ජුනි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට...

කපිලගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අධිකරණය අද දුන් නියෝගය

පසුගියදා අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු...

ඩොලරයේ විකුණුම් මිල රු 342ක් වෙයි

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී...

කොළඹ ප්‍රධාන ජල සැපයුම් නළ මාර්ගයක හදිසි බිඳවැටීමක්

අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ...

‘පිළිකා ඖෂධ රැසක මිල වැඩිවෙලා ‘

පිළිකා ඖෂධ කාණ්ඩ රැසක හිඟය සහ අදාළ ඖෂධ බාහිරින්...

Topics

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

එළඹෙන ජුනි මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට...

කපිලගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අධිකරණය අද දුන් නියෝගය

පසුගියදා අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු...

ඩොලරයේ විකුණුම් මිල රු 342ක් වෙයි

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී...

කොළඹ ප්‍රධාන ජල සැපයුම් නළ මාර්ගයක හදිසි බිඳවැටීමක්

අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ...

‘පිළිකා ඖෂධ රැසක මිල වැඩිවෙලා ‘

පිළිකා ඖෂධ කාණ්ඩ රැසක හිඟය සහ අදාළ ඖෂධ බාහිරින්...

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ඇරඹේ

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ අරමුණින්, සමස්ත...

කෝපි වගාව සඳහා රක්ෂණාවරණයක් 

කෝපි වගාව සඳහා රක්ෂණාවරණයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ...

යෝෂිතගේ නඩුව කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron