Wednesday, December 24, 2025
25 C
Sri Lanka

වෙනස් වූ අමාත්‍යාංශ විෂය පථයන් සහ කාර්යයන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන, සහ රාජ්‍ය සංස්ථා වෙනස් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ පසුගියදා සිදු වූ සංශෝධනයට සමගාමීව මෙම විෂය පථ වෙනස් කිරීම් සිදු කර තිබෙන බව සඳහන් වේ.

එම සංශෝධනවලට අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ පැවති පුනරුත්ථාපන කාර්යංශය පවතින්නේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතේය.

සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථාව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයට මාරු කර තිබේ.
සීමාසහිත සැලසිනේ මීඩියා සොලියුෂන්ස් පුද්ගලික ආයතනය බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයෙන් ගෙන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පවරා තිබේ.

භූ විද්‍යා, සමීක්ෂණ හා පතල් කාර්යංශය පරිසර අමාත්‍යංශයෙන් කර්මාන්ත ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය වෙත පවරා ඇති අතර කෘෂි කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය යටතේ තිබූ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පත්ව ඇත්තේ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතටයි.

තවද, බලශක්ති අමාත්‍යංශය යටතේ ඇති ලංකා විදුලිබල සමාගම සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම ලෙස සංශෝධනය කර තිබේ.
විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ හඳුන්වා දුන් නව ආයතන 4 ද මෙම නව ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

මීට අමතරව, පසුගිය කැබිනට් සංශෝධනයේදී හඳුන්වා දුන් නව අමාත්‍යංශවල විෂය පථයන් ද මෙම නව ගැසට් පත්‍රය මගින් පැහැදිලි කර දී ඇත.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron