කැළණිවැලි දුම්‍‍රිය මාර්ගය දිර්ඝ කිරිමට ප්‍රතිපාදන

රී ලංකාවේ දුමරිය ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරමින්, අතීතයේ රතනපුරය දක්වා දිව ගිය ඓතිහාසික කැලණිවැලි දුම්රිය මාර්ගය (Kelani Valley Line) යළිත් වරක් අවිස්සාවේල්ලෙන් ඔබ්බට දීර්ඝ කිරීමේ මූලික කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

මේ සඳහා 2025 අයවැය මගින් මේ සඳහා රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

ඔක්තෝබර් 21 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩලය රැස්වීමට අමාත්‍ය බිමල් රත්නායක විසින් ඉදිරිපත් කොට අනුමත කරන ලද යෝජනාවක් අනුව, මෙම දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් (Feasibility Study) සිදු කිරීම සහ සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම කඩිනම් කිරීමට නියමිත අතර, ඒ සඳහා උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයාගේ යෝජනාව අනුමත වී ඇත.

මෙම නවීකරණ යෝජනාව, බ්‍රිතාන්‍ය යටත් විජිත සමය දක්වා දිවෙන ශ්‍රී ලංකාවේ දුම්රිය ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සිහිපත් කරවයි.

ශ්‍රී ලංකාවේ (එවකට ලංකාව) දුම්රිය සේවාව ආරම්භ වූයේ 1864 දී, ප්‍රධාන වශයෙන්ම කඳුරට වතුවලින් කෝපි, පසුව තේ, කොළඹ වරාය වෙත ප්‍රවාහනය කිරීමේ අරමුණෙනි. මේ සඳහා ප්‍රධාන මාර්ගය (Main Line) ඉදිකරන ලදී.

රත්නපුරය දෙසට විහිදුණු කැලණිවැලි දුම්රිය මාර්ගය (KV Line) 1900-1902 කාලය තුළ මුලින්ම ඉදිකරන ලද්දේ අඩි 2 අඟල් 6 (762mm) පටු දුම්රිය මාර්ගයක් (Narrow-Gauge Line) ලෙසය. මෙම පටු මාර්ගය ප්‍රධාන වශයෙන්ම යොදා ගැනුණේ රබර්, තේ සහ මැණික් ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන කොළඹට ගෙන ඒම සඳහාය.

1902 දී අවිස්සාවේල්ල හරහා යාපනය දක්වා දුම්රිය මාර්ගය ඉදිකරන ලදී.

1912 දී අවිස්සාවේල්ලෙන් රත්නපුරය හරහා ඕපනායක දක්වා එම දුම්රිය මාර්ගය දීර්ඝ කෙරිණි.

පටු මාර්ගයේ අධික මෙහෙයුම් පිරිවැය සහ අඩු වේගය හේතුවෙන්, 1970 දශකයේ මුල් භාගයේදී අවිස්සාවේල්ලෙන් ඔබ්බට වූ ඕපනායක දක්වා මාර්ග කොටස සම්පූර්ණයෙන්ම වසා දමන ලදී. රත්නපුර දුම්රිය ස්ථානය පවා පසුව මධ්‍යම බස් නැවතුම්පොළක් බවට පත්කෙරිණි. එහෛත් එම දුම්රිය මාර්ගය වෙනුවෙන් ඉදිකරන ලද පාලම්, දුම්රිය ස්ථානවල ගොඩනැගිලි සහ ඒ වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වූ ඉඩම් යනාදිය පසුකාලවලදී පවා දක්නට තිබුණි.

1992 දී ආරම්භ වූ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා මාර්ග කොටස අඩි 5 අඟල් 6 (Broad-Gauge) පුළුල් මාර්ගයක් බවට පරිවර්තනය කෙරුණේ 1996 දී ය.

නව අයවැය යෝජනාව සමග, ඉතිහාසයේ ගරා වැටී ගිය එම මාර්ගය යළිත් වරක් ප්‍රතිස්ථාපනය වීමේ බලාපොරොත්තුවක් පැන නැගී ඇත. නවීකරණයේ අරමුණ වන්නේ අවිස්සාවේල්ලෙන් ඔබ්බට, එනම් ඇහැලියගොඩ, කුරුවිට සහ රත්නපුරය හරහා දුම්රිය සේවාවන් අදියර වශයෙන් දීර්ඝ කිරීමයි.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත්, එය කොළඹ සහ සබරගමුව පළාත අතර කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් සපයමින්, මාර්ග තදබදය අවම කිරීමට සහ කලාපයේ ආර්ථික හා සංචාරක සංවර්ධනයට රුකුලක් වනු ඇත. මුල් මාර්ගය පුළුල් මාර්ගයක් බවට පත් කිරීමේදී සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලද පැරණි මාර්ගය ආශ්‍රිතවම නව මාර්ගය සකස් කිරීමට යෝජනා වී ඇති නමුත්, මේ වන විටත් පැරණි මාර්ගයේ කොටස් මත අනවසර පදිංචිකරුවන් සිටීම වැනි ගැටලු පිළිබඳවද අවධානය යොමු කළ යුතුව ඇත.

කෙසේ වෙතත්, රුපියල් මිලියන 250ක මූලික ප්‍රතිපාදන වෙන් කිරීම සහ උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමත් සමග, දශක ගණනාවක් තිස්සේ සාකච්ඡාවට ලක් වූ මෙම ව්‍යාපෘතිය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ පළමු පියවර තබා ඇති බව පැහැදිලිය.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron