මාධ්‍යවේදියෙකුගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කල පොලීසියට වැඩ වරදි

මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කල තිළිණ රාජපක්ෂ යන අයට බැනවැදි පහරදි අමානුශිය සැලකිම්වලට භාජනය කිරිම තුලින් අලව්ව පොලිසියේ නිළධාරින් තුන්දෙනෙකු ඔහුගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තින්දු කළා.

අදාල මාධ්‍යවේදියා විසින් ගොනුකල මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (22) විභාගයට ගැනිමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන,සම්පත් අභයකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

ඒ අනුව මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරිම වෙනුවෙන් වරදකරුවන් කෙරුණු එවකට අලව්ව පොලිසියේ සැරයන්වරුන් ලෙස කටයුතු කල රවින්ද්‍ර කුමාර, බී.එම්.එස්.එස් විජය බණ්ඩාර හා පොලිස් කොස්තාපල් ජයසුන්දර යන නිලධාරින් සිය පුද්ගලික මුදල් වලින් රුපියල් 25,000 බැගින් රුපියල් 75,000ක මුදලක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට නියෝග කර තිබෙනවා.

ඊට අමතරව වඟඋත්තරකාර පොලිස් නිලධාරින්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් පවත්වා චෝදනා ගොනුකිරිමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කරනු ලැබුවා.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron