Saturday, February 28, 2026
18.9 C
Sri Lanka

”විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතුයි” -ජනාධිපති-

දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කර ගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවත්, විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට ජාතික මෙහෙයුම’ පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවට එක් වෙමිනි.

මේ වන විට ජාතික ව්‍යසනයක් බවට පත්ව තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍ර කර ගනිමින් බොහෝ අපරාධ සිදු වන බවටද නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් මෙන්ම පුළුල් මහජන සහභාගිත්වයක් සහිතව ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එකී විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමිය යුතු බව හඳුනාගෙන ඇත.

එම ජාතික අරමුණ ළගා කර ගැනීම සඳහා ‘රටම එකට ජාතික මෙහෙයුම’ ක්‍රියාත්මක කෙරෙන අතර
පුළුල් ප්‍රචාරක ක්‍රියාවලියක් ඔස්සේ විෂ මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම එහි ප්‍රධාන වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කෙරේ. එම ප්‍රචාරක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ලබාගත හැකි දායකත්වය පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැදුණු අපරාධ කල්ලිවල මූල්‍ය බලය විසින් ආර්ථිකය, සමාජ දේහය, රාජ්‍ය යාන්ත්‍රණය සහ නීතියේ විධානයේ ආධිපත්‍ය පවා බිඳ වට්ටමින් රටත්, සමාජයත් විනාශ කරමින් තිබෙන බවයි. මෙම උවදුරට තවදුරටත් ඉඩ නොතැබීමට වත්මන් රජය තීරණය කර තිබෙන බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සියලු දෙනාගේ දායකත්වය අපේක්ෂා කරන බවද පැවසුවා.

එමෙන්ම පසුගිය සමයේ දේශපාලන රශ්මි කදම්භය තුළ නිදැල්ලේ වර්ධනය වූ මෙම අපරාධ අද රටත් සමාජයත් දැඩිව වෙළාගෙන තිබෙන අන්දම සහ ඊට පොලිසිය, රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ත්මේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ වගකිවයුතු ආයතනවලින් ලැබී ඇති සහාය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේ ය.

නැවත එවැනි තත්ත්වයකට ඉඩ නොතබා අනාගත දරු පරපුර වෙනුවෙන් මෙම ජාතික ව්‍යසනය පරාජය කිරීමට සියලු දෙනා වෙත පැවරි ඇති අත්හළ නොහැකි වගකීම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ ය.

රටම එකට ජාතික මෙහෙයුම සමාරම්භය ඔක්තෝබර් 30 වන දින පෙ.ව 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද, රාජ්‍ය සහ පෞද්ගලික විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීහු සහ නියෝජිතයෝ, විනෝදාස්වාද කර්මාන්තයට අදාළ ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron