භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට විමර්ශන හා වැටලීම් ඒකකයක්

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් හා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (28 දා) නාවල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේදී පැවැත්වින. මෙතෙක් කලක් පරිසර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පසුගිය ඔක්තෝබර් 18 දා දින සිට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාශය යටතට පත්කර තිබෙයි.

1903 දී ලංකා ඛණිජ සමීක්ෂණ ආයතනය ලෙසින් ආරම්භ කරන ලද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ලංකාවේ ඛනිජ ගවේෂණය , බලපත්‍ර නිකුත් කිරීම , ගවේෂණ හා කල්බදු හිමිකම් පැවරීම, විද්‍යාගාර සේවා පවත්වාගෙන යාම, භූ විද්‍යා තොරතුරු ලබාදීම යන කාර්යයන් ඉටු කරනු ලබයි.

මෙහිදී අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පැවසුවේ, අප රටේ ආර්ථිකයට මේ වන විට ඛනිජ සම්පත් වලින් ලැබෙන දායකත්වය ඉතා අවම මට්ටමක පවතින බවත් එහි උපරිම දායකත්වය ලබාගැනීමට නම්
ලංකාවේ ඛනිජ සම්පත් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කර නිශ්චිත මාර්ගේපදේශණ මාලාවක් ඔස්සේ කටයුතු කළ යුතු බවයි. එසේම ඛනිජ සම්පත් සදහා අගය එකතු කිරීම අත්‍යවශ්‍ය වන බවද හෙතෙම පැවසීය. මෙතෙක් කලක් ඛනිජ සම්පත් කර්මාන්තය සංවර්ධනය කිරීමට ඇති බාධාවන් මේ වන විට රජය විසින් හදුනාගෙන ඇති බවත් මෙම බාධාවන් ඉතා ඉක්මනින්ම ඉවත් කර ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ඛනිජ සම්පත නිවැරදි ආකාරයෙන් ස්ථානගත කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා විසින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ පරිශ්‍රය නිරීක්‍ෂණය කිරීමට එක්වූ අතර කාර්යාංශය තුළ මෙතෙක් කලක් පැවති සේවක ගැටලු, බලපත්‍ර ලබාදීමේ ගැටලු, නීති ගැටළු, ප්‍රවාහන ගැටලු ආදි ගැටළු පිළිබඳව මෙම අවස්ථාවේදී නිලධාරීන් විසින් අමාත්‍යවරයා දැනුවත් කළ අතර ඉතාමත් ඉක්මනින්ම විමර්ශන හා වැටලීම් ඒකකයක් කාර්යාංශය තුළ ස්ථාපිත කළ යුතු බව හඳුන්නෙත්ති අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.

මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සමන් ජයසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් භූ විද්‍යාඥ දීපානි වීරකෝන්, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron