කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක්

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම අපරාධකරුවකු වන කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක බව පොලීසිය පවසයි. 

මේ අතර හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ දේපළ පිළිබඳව විමර්ශනයක් ද ආරම්භ කරන බව පොලීසිය පැවසීය.

ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලාගේ නමැත්තියගේ සැමියා ඊයේ (05) මෙලෙස අත්අඩංගුවට ගැනුණි.

මේ අතර අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේදී පසුගිය 29 වැනිදා ඉපලෝගම පොලිසිය මගින් තරුණයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතරතුර ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි සගයෙකුට පවසා ඇත්තේ, සිය නිවසේ හෙරොයින් පාර්සලයක් ඇති බවය.

එය නිවසට ආසන්න වැවක් ආශ්‍රිතව සඟවන ලෙස සැකකරු සිය සගයාට උපදෙස් ලබාදී ඇතැයි පැවසෙයි.

ඒ අනුව සගයා එය රැගෙන ගොස් සඟවා ඇති අතර ඒ අතරතුරදී සැකකරු සිය පියාට පවසා ඇත්තේ, එම මත්ද්‍රව්‍ය තොගය සගයාගෙන් යළි ලබාගෙන නිවස පිටුපස සඟවන ලෙසටය.

රුපියල් කෝටි 2කට වැඩි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් පාර්සලය තුළ ඇති බැවින් සගයා එය සොරාගැනීමටද ඉඩ ඇති බව එහිදී සැකකරු සිය පියාට පවසා ඇතැයි පොලීසිය පැවසීය.

ඒ අනුව අදාළ සැකකරුගේ පියා එම හෙරොයින් තොගය සැඟවූ සගයා ලවාම එය නැවත ගෙන්වාගෙන ගල්නෑවේ පිහිටි සිය නිවස පසුපස වළදමා තිබේ.

අනතුරුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් අනුව අදාළ සගයා පළමුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැඟවූ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු අනාවරණ කර ඇත.

ඒ අනුව නිවස පසුපස සඟවා තිබූ හෙරොයින් පාර්සලය සොයාගැනුණු අතර, කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 185යි මිලිග්‍රෑම් 400ක බරකින් යුත් හෙරොයින් තොගයක් එහි වූ බව පොලීසිය සඳහන් කරයි.

අනතුරුව පොලිසිය සැකකාර පියා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඔහු ප්‍රදේශයේ පිහිටි රජයේ විදුහලක විදුහල්පතිවරයා බවය.

එමෙන්ම ඔහුගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරියක වන දිස්නා නෙරංජලා නැමැත්තිය බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

ඒ අනුව අදාළ මන්ත්‍රිවරියගේ පෑලියගොඩ පිහිටි නිවසක්ද ඊයේ පස්වරුවේ පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කළද එහි තිබී කිසිඳු සැකකටයුතු දෙයක් හමුවී නොමැත.

මේ අතර අදාළ මන්ත්‍රීවරිය මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම අපරාධකරුවකු ද වන කොස්ගොඩ සුජී නැමැත්තාගේ ඥාතිවරියක් බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා හා අනෙක් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද පොලිසිය සඳහන් කළේය.

උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ සෘජු අධීක්ෂණයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron