විද්‍යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සම් විභාගය අවසන්

මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දූෂණය කර මරා දැමීමේ චෝදනා සම්බන්ධයෙන් යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තමන්ට නියම කර තිබෙන මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් 07 දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි  තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබීය.

අභියාචනා පෙත්සම් විභාගය අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු, මේනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්විණි.

මෙම සිද්ධියට අදාළව මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රධාන විත්තිකරු වන මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විද්‍යා දැරිය පැහැරගෙන යාම, දූෂණය කිරීම සහ මරාදැමීම සඳහා කුමන්ත්‍රණය කළ බවට සිය සේවා දායකයා වෙත පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා පදනම් විරහිත බව සඳහන් කළේය.

සිය සේවාදායකයා විද්‍යා දැරිය පැහැර ගෙන යාමට සම්බන්ධ වූ බවට තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූ බවත් ඔහු පැවසීය.

මෙම නඩු විභාගයේදී විද්‍යා දැරියගේ මව සහ අසල්වැසියෙකු වන ඉලංකේෂ්වරන් යන අය දුන් සාක්ෂි එකිනෙකට පරස්පර බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.

සිද්ධිය වූ දින විද්‍ය දැරිය පා පැදියෙන් පංති ගිය බව ඇයගේ මව නඩු විභාගයේ දී සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබුණද ඉලංකේෂ්වරන් නමැත්තා සාක්ෂි දෙමින් සඳහන් කළේ ඇය බස් රථයෙන් පංති යනු තමා දුටු බවය.

ඒ අනුව එම සාක්ෂිකරුවන් ලබා දූන් සාක්ෂි වල පරස්පර භාවය මනාව පැහැදිලි වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම දූෂණ සිද්ධිය වීඩියෝ ගත කළ බවට ප්‍රකාශ කළත් ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් ඔහු කියා සිටියේය.

එම අවස්ථාවේදී නැගී සිටි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා ප්‍රකාශ කළේ, විද්‍යා දැරිය දූෂණ කිරීමේ මූලික අරමුණ එම සිද්ධිය වීඩියෝ ගත කර ස්විටර්ලන්තයේ මාෆියා කණ්ඩායමකට විකිණීම බවය.

එහිදී විනිසුරු අචල වෙංගප්පුලි මහතා විත්තියේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් “ඔබේ සේවාදායකයා රුපියල් මිලියන 20ක් ලබා දී මෙම චෝදනාවලින් ගැලවී යාමට උත්සාහ කර ඇති බවට තොරතුරු වාර්තා වුණා” නොවේ දැයි විමසීය.

එම අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරු වී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සිරගත වී සිටින බවය.

ඉන් අනතුරුව සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ සිය සේවා දායකයින්ට එරෙහි චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලෙසය.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරුවන් විසින් මෙම කෲර සමූහ  දූෂණය සිදු කළේ මුදල් ලබා ගැනීමේ අරමුණින් බව කියා සිටියේය.

මෙම සමූහ දූෂණ සිද්ධිය වීඩියෝ ගතකර අතිවිශාල මුදලකට ස්විටර්ලන්තයේ මාෆියා කණ්ඩායමකට අලෙවි කිරීම විත්තිකරුවන්ගේ අරමුණ වී ඇති බවත්, ඊට සුවිස් කුමාර් නමැති විත්තිකරු නායකත්වය ලබා දී ඇති බවත් ඔහු සඳහන් කර සිටියේය.

එමනිසා මෙම විත්තිකරුවන්ට එරෙහි චෝදනා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවත්, ඔවුන්ට නියම කර තිබෙන දඬුවම් නීත්‍යානුකූල බවත් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විත්තිකරුවන්ගේ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසත් ඉල්ලා සිටියේය.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කළේය.

ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සම් පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තබන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.

2015 වසරේ මැයි මස 13 වනදා පාසල් ගොස් ආපසු එමින් සිටි සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු සුවිස් කුමාර් ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය නියම කළේය.

එම දඬුවමෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා ඉදිරිපත් කර තිබේ.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron