පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට පිවිසීම සඳහා තොරතුරු ලබා ගැනීමට ක්ෂණික ඇමතුම් සේවාවක්

පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යොමු වීම සඳහා සිසුන්ට අවශ්‍ය තොරතුරු නිවැරදිව සහ කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් ‘1966’ වෘත්තීය අධ්‍යාපන ක්ෂණික ඇමතුම් (Hotline) සේවාව අද (06) නාරාහේන්පිට ‘නිපුණතා පියස’ පරිශ්‍රයේ දී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

‘1966’ ක්ෂණික ඇමතුම් සේවාව මඟින් වෘත්තීය අධ්‍යාපනයට අදාළ ඕනෑ ම තොරතුරක් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම ලබාගත හැකි අතර, තවදුරටත් කාර්යක්ෂම සේවාවක් සඳහා, කෘත්‍රීම බුද්ධි තාක්ෂණය (AI) ඔස්සේ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණික නිලධාරීන් විසින් සකස් කරන ලද ‘AI Chat BOT’ වෙත පිවිසිය හැකි වේ. එමගින් වෘත්තීය අධ්‍යාපනයට අදාළ ඕනෑ ම ගැටලුවකට විසඳුම් ලබාගත හැකිය.

නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාවලියත් සමග නව පාසල් විෂය ධාරාව යටතේ මූලිකව ඉගෙන ගනු ලබන වෘත්තීය අධ්‍යාපනය ඉදිරියට හැදෑරීම සඳහා නවීන තාක්ෂණය හා ඒකාබද්ධ වීමේ වැදගත්කම, මෙහි දී අගමැතිතුමිය සභාව අමතමින් පැහැදිලි කළා ය. වෙනස් කළ යුතු තැන් නොපැකිලව වෙනස් කරමින් වෘත්තීය අධ්‍යාපන ව්‍යුහය තුළ හෙට දින වැඩලෝකයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ගුණාත්මකව සංවර්ධනය කළ යුතු බවත් ඇය මෙහි දී වැඩි දුරටත් කියා සිටියා ය.

මෙම අවස්ථාවට වෘත්තීය අධ්‍යාපනය නියෝජ්‍ය අමාත්‍ය නලිින් නලින් හේවගේ මහතා ඇතුළු වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron