Saturday, February 28, 2026
18.2 C
Sri Lanka

කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

විදෙස් ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 30 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති ජාත්‍යන්තර රතු නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම අද (07) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කර සිටියේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසය.

ඒ අනුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 30 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කර ඇත.

මේ වන විට විදේශගතව සිටින කුඩු සළිඳු සිය නීතිඥවරයා මාර්ගයෙන් මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron