Wednesday, December 31, 2025
21.2 C
Sri Lanka

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි සිසුවියක් නිදි යහනේදීම මරුට

උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම මියගොස් තිබේ.

ඇය ඊයේ (09) රාත්‍රියේදී සිය කාමරය තුළ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිට ඇති අතර උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් විසින් සොයා බලා තිබේ.

එහිදී ඇය කාමරයේ සිහිසුන්ව සිටින අයුරු දැක ඇති අතර ඔවුන් වහාම ඇයව දඹුල්ල මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත.

වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කර බලා පවසා ඇත්තේ රෝහලට රැගෙන ඒමට පෙර සිටම ඇය මියගොස් ඇති බවය.

සිද්ධිය වාර්තා වීමත් සමඟ දඹුල්ල ‍පොලීසියේ නිලධාරීන් පිරිසක් අදාළ සිසුවියගේ නිවසට ගොස් පරීක්ෂා කර බලා ඇති අතර එහිදී සැක කටයුතු කිසිවක් හමු නොවූ බව පොලීසිය පැවසීය.

කෙසේවෙතත් පොලීසිය සඳහන් කළේ සිසුවියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය.

දඹුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron