ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100 ක පැකේජයක් !!!

(Jimuth Indusara- සටහන)

ශ්‍රී ලංකාව විසින් මුහුණදෙනු ලැබූ ආර්ථික බංකොලොත්භාවයෙන් නැවත යථා තත්ත්වයට පත් වීම වෙනුවෙන් ගෙන යනු ලබන වැඩපිළිවෙළ සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඩොලර් මිලියන 100 ක පැකේජයක් අනුමත කර තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව විසින් අනුමත කරන ලද මෙම පැකේජය ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් කාර්යක්ෂම කිරීම, රජයේ ආදායම වැඩි කිරීම සහ දිගුකාලීන ස්ථාවරත්වයක් ගොඩනගානැගීම සඳහා පෞද්ගලික අංශය දිරිමත් කිරීම යන අරමුණු සඳහා සහය වනු ඇතැයි සඳහන් වන්නේ.

ADB හි ශ්‍රී ලංකාව වෙනුවෙන් වන අධ්‍යක්ෂ ටකාෆුමි කඩෝනෝ සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික බංකොලොත්භාවයෙන් යළි යථා තත්ත්වයට පත් වීමේ දී සහ ණය තිරසරභාවය පවත්වාගෙන යාමේ දී ඉතා හොඳ ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවත්, ඒ අනුව මෙරට තිරසාර වර්ධනයට සහාය වන ශක්තිමත්, විනිවිද පෙනෙන සහ කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් ගොඩනැගීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව රජය සමඟ සමීපව කටයුතු කරනු ඇති බවත් ය.

කෙසේ නමුත්, මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ රාජ්‍ය වියදම් විනිවිද පෙනෙන ලෙස හා වඩාත් ඵලදායී ලෙස වියදම් කිරීම සඳහා රජයට සහය දැක්වීමයි. ඒ අනුව රජය විසින් අයවැය සැලසුම් කරන සහ භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්ඩි විශේෂඥ උපදෙස් ලබා දීම හා මුදල් ඉතා කාර්යක්ෂම ලෙස ජනතාවට ප්‍රතිලාභ සැලසෙන අයුරින් යොදාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් සහය දක්වනු ඇති අතර, මෙය අයවැය ක්‍රියාවලිිය සරල කිරීමට, සම්පත් බෙදී යාම නිවැරදිව මෙහෙයවීමට හා සහ නාස්තිය අවම කිරීමට උපකාරී වනු ඇති බවයි සඳහන් වන්නේ.

තව ද, නව බහු වාර්ෂික බදු සැලැස්මක් සාධාරණ හා විශ්වාසදායක ලෙස ක්‍රියාත්මක කිරීමට ද ආසියානු සංවර්ධන බැංකුව රජය වෙත සහය දක්වනු ඇති අතර, බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා අනෙකුත් රටවල් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට බදු අරමුණු සඳහා විනිවිදභාවය පවත්වාගැනීම සහ තොරතුරු හුවමාරුව පිළිබඳ ගෝලීය සංසදයේ ශ්‍රී ලංකාව සාමාජිකත්වය (Sri Lanka’s membership in the Global Forum on Transparency and Exchange of Information for Tax Purposes) ද උපකාරී වනු ඇත‍.

එසේම පෞද්ගලික අංශයේ සංවර්ධනයට සහාය වීම වෙනුවෙන් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් (PPPs) සඳහා නීතිමය රාමුවක් නිර්මාණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව රජයට සහාය වනු ඇති අතර, මෙමගින් රජයට සහ පෞද්ගලික සමාගම්වලට ප්‍රධාන ව්‍යාපෘති සඳහා ද යටිතල පහසුකම් සහ දේශගුණික මූල්‍ය වැනි ක්ෂේත්‍ර සමඟ සමගාමීව කටයුතු කිරීමට හා රාජ්‍ය ව්‍යවසායන් වඩාත් වගකිවයුතු සහ කාර්යක්ෂම කිරීම සඳහා රාජ්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා මෙහෙවීම මෙම ක්‍රියාවලියේ අරමුණු ලෙස දැක්වෙනවා.

මෙම වැඩසටහන හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවී තත්ත්වයන්ට ගැලපෙන හා සංවේදීතාවක් සහිත අයවැය නිර්මාණය, කාන්තා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සහ ජාතික සැලසුම් තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම ආදී අරමුණු ද සහිත වීම විශේෂත්වයක් වනවා‍.

1966 දී ආරම්භ කරන ලද ආසියානු සංවර්ධන බැංකුව, ආර්ථීක ප්‍රතිකර්ම යෝජනා කරමින් හා මූල්‍ය පහසුකම් සලස්වමින් ආසියා සහ පැසිෆික් කලාපයන් පුරා සාමාජික රටවල් 69 ක් සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර, ශ්‍රී ලංකාව සඳහා යෝජනා කර ඇති මෙම වැඩසටහන හරහා ශක්තිමත්, සාධාරණ සහ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට මෙන්ම එය වඩාත් හොඳිිින් පාලනය කළ හැකි විනිවිද පෙනෙන මූල්‍ය කළමනාකරණයක් සහිත තිරසාර සංවර්ධනයට සහාය වන ලෙස පවත්වාගැනීම අරමුණු ලෙස පවතිනවා.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron