‘දුඹුරු සිනී පියා’ කියලා කියනවට මම ආසයි – හඳුන්නෙත්ති

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා’ ලෙසින් ආමන්ත්‍රණය කරන බවත් ඒ පිළිබඳව සතුටට පත්වන බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

අද (13) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ‘සුදු සීනි පියා’ ලෙස හැඳින්වීමට වඩා ‘දුඹුරු සීනි පියා’ යන නාමයට තමන් වඩාත් ප්‍රිය කරන බවයි.

දුඹුරු සීනි ඇතුළු උක් පැණි සහ උක් හකුරු වැනි උක් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ අරමුණින් දුඹුරු සීනි අඩු මිලට විකිණීම සඳහා ඉකුත් පෙරේදා දිනයේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් නුගේගොඩ ප්‍රදේශයේදී අලෙවිසැලක් විවෘත කර තිබුණා.

මෙම අවස්ථාවේදී උක් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට සහය වන ලෙස තමන් මාධ්‍යවේදීන්ගෙන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව අමාත්‍යවරයා සඳහන් කළා.

“ඇත්ත වශයෙන්ම, මම එම ප්‍රචාරය වෙනුවෙන් බොහෝ සේ ස්තූතිවන්ත වෙනවා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු මහත්වරුන් අපට විශාල සහයෝගයක් ලබා දුන්නා,”

මෙම ප්‍රචාරය හේතුවෙන් මෙම නිෂ්පාදනය සඳහා විශාල ප්‍රසිද්ධියක් ලැබුණු බවත්, ඒ නිසාම තමන්ට ‘දුඹුරු සීනි පියා’ යන අන්වර්ථ නාමය පවා ලැබී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා සීනි සමාගම තම පැල්වත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන තත්වයෙන් ඉහල දුඹුරු සීනි අඩු මිලට ලාංකික පාරිභෝගිකයන් වෙත ලබා දීමේ අරමුණ ඇතිව ඉතිහාසයේ පළමුවරට තම අලෙවි ජාලය මෙලෙස ආරම්භ කළ බවට අලෙවිසැල විවෘත කළ දින අමාත්‍යවරයා පවසා තිබුණා.

කෙසේවෙතත් ලංකා සීනි සමාගමේ නිල ෆේස්බුක් පිටුවේ සිනී මිලදී ගැනීම සඳහා අදාළ වෙබ් අඩවියට පිවිසෙන්නැයි අවස්ථා කිහිපයකදීම දැන්වීම් පලකර තිබුණා.

නමුත් ලංකා සීනි සමාගමට අයත් වෙබ් අඩවිය මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතිනවා.

www.lankasugar.lk යන වෙබ් ලිපිනය වෙත පිවිසීමේදී සදහන් වන්නේ අදාළ වෙබ් අඩවිය තවමත් සකසමින් ඇති බවයි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron