සමරිසි ප්‍රජාව ගැන සංචාරක මණ්ඩලයේ සභාපති නිකුත් කළ ලිපිය ගැන අධිකරණ නියෝගයක්

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා එහි වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (14) පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළේය.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කළේය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සභාපති විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුකරයට අදාළව අතුරු තහනම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරනවාදැයි ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළව අතුරු තහනම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවය.

එසේ නම් වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කර ඔවුන් අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම  කළේය.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ, මෙම සිද්ධියට අදාළව ලිපිය ඉවත් කරගෙන ඇති බවට රජය විසින් ප්‍රකාශ කර තිබෙන කරුණ ජනමාධ්‍යවලින් වාර්තා කර තිබූ බවය.

රජය එසේ ප්‍රකාශ කළ බවට ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණද මේ සම්බන්ධයෙන් තම සේවාදායකයින් අධිකරණය වෙතින් නියෝගයක් අපේක්ෂා කරන බව නීතිඥ විතාරණ මහතා සඳහන් කළේය.

සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට වගඋත්තරකරුවන් දරණ ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් නීතිඥ කනිෂ්ක විතාරණ මහතා මෙහිදී චෝදනා කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 10 වනදා කැඳවන ලෙස නියෝග කළ විනිසුරුවරයා ඒ පිළිබඳ දැනුම් දෙමින් වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විදේශ අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, ඊක්වල් ග්‍රවුන්ඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ යන අය නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජිත ව්‍යාපෘතියකට ඉඩ සලසමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් වගඋත්තරකාර රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෙත ලිපියක් යොමු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවය.

එම ලිපිය තුළින් වගඋත්තරකාර සභාපති වරයා ශ්‍රී ලංකාව තුළ සමරසී ප්‍රජාව සඳහා වූ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට එකඟතාවය පළ කර තිබෙන බව  පෙත්සම්කරුවන් චෝදනා කළේය.

මෙම ලිපිය පිළිබඳ තොරතුරු හෙළිදරව් වීමෙන් පසුව මතුවූ මහජන විරෝධය මෙන්ම මහා නාහිමිවරු සහ කාදිනල් හිමිපාණන් විරෝධය පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ශ්‍රී ලංකාව තුළ  සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් රජය තුළ නොමැති බව සඳහන් කළ බවත් පෙත්සම්කරුවන් කියා සිටියේය.

ඊට අමතරව විදේශ අමාත්‍යවරයාද එම ප්‍රකාශයම සිදුකළ බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම රාජ්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කර අදාළ ලිපිය නිකුත් කර ඇති බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදනද උල්ලංඝනය කිරීම සිදුවී ඇති බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ එම ව්‍යාපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීයේ සභාපතිවරයා විසින් නිකුත් කර ඇති  ලිපිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සංකරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකා තුළ සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් වගඋත්තරකාර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

Hot this week

කොළඹට ළඟා වන විට ඥානසාර හිමියන් නිදහස් කළ යුතුයි

ඥානසාර හිමියන් වෙනුවෙන් පැවැත්වෙන පාගමන කොළඹට ළඟා වන විට...

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කළ භික්ෂුවගේ අභියාචනය නිෂ්ප්‍රභයි

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින...

තංගල්ලේ පන්සලකට ගිය ප්‍රංශ තරුණියකට අතවරයක්!

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටි 32 හැවිරිදි ප්‍රංශ...

ඥානසාර හිමියන් ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන්ගෙන් බරපතළ චෝදනාවක්

බන්ධනාගාරය තුළ ව්‍යාජ ගැටුමක් මවාපා ඥානසාර හිමියන් පිස්තෝලයක් පැහැරගෙන...

බොරු තොරතුරක් සමාජගත කල තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර...

Topics

කොළඹට ළඟා වන විට ඥානසාර හිමියන් නිදහස් කළ යුතුයි

ඥානසාර හිමියන් වෙනුවෙන් පැවැත්වෙන පාගමන කොළඹට ළඟා වන විට...

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කළ භික්ෂුවගේ අභියාචනය නිෂ්ප්‍රභයි

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින...

තංගල්ලේ පන්සලකට ගිය ප්‍රංශ තරුණියකට අතවරයක්!

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටි 32 හැවිරිදි ප්‍රංශ...

ඥානසාර හිමියන් ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන්ගෙන් බරපතළ චෝදනාවක්

බන්ධනාගාරය තුළ ව්‍යාජ ගැටුමක් මවාපා ඥානසාර හිමියන් පිස්තෝලයක් පැහැරගෙන...

බොරු තොරතුරක් සමාජගත කල තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර...

ශිරන්ති රාජපක්ෂට වෛද්‍ය මණ්ඩලයක්?

රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන...

ඥානසාර හිමිගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ඉවත් වෙයි

ඥානසාර හිමිගේ පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණ සභාපති...

බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි සංශෝධන කමිටු වාර්තාව අද ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටු...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron