Friday, April 17, 2026
26.9 C
Sri Lanka

ජනපති සමග සාකච්ඡාවෙන් පසු GMOA ගත් තීරණය

ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි විධායක සහ මධ්‍යම කාරක සභාවක් කැඳවීමට නියමිත බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කරන බව එම සංගමය පවසයි.

ජනාධිපතිවරයා සමග අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මේ බව පැවසීය.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය විසින් සිදුකළ යෝජනා සම්බන්ධව ජනාධිපතිවරයා අවධානය යොමු කළ බවත් එම යෝජනා සම්බන්ධව ඉදිරියේදී සාකච්ඡා කිරීමටත් එම යෝජනා සම්බන්ධව සාධනීය විසඳුම් ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධානය යොමු කරන බව සිය සංගමය වෙත දැන්වූ බවත් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මෙහිදී පැවසීය.

"අපි ජනාධිපතිතුමාව දැනුවත් කළා.. එතුමා පොරොන්දු වුණා මේ අයවැය යෝජනාවලිය පාදක කරගෙන සෞඛ්‍ය පද්ධතිය හෙට දවසට පවත්වාගෙන යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට ඒ සිදුකරන ලද යෝජනාවලියේදී විශේෂයෙන්ම වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු රට තුළ රඳවා ගන්න අපි විශේෂයෙන්ම ඉල්ලීම් කරලා තියෙනවා. ඉතිං මේ යෝජනා සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා කරන්නත් ඒ සාධනීය විසඳුම් ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් අධ්‍යනය කරන බවටත් එතුමා පොරොන්දු වුණා...

අපි අද හදිසි විධායක සභාවක් රැස්වෙනවා. ඉදිරියේදී හදිසි මධ්‍යම කාරක සභාවක් රැස්වීමට නියමිතයි. හදිසි විධායක සභාවත් හදිසි මධ්‍යම කාරක සභාවේදීත් මේ සම්බන්ධව සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීන්දු තීරණ ගන්නට නියමිතයි."

Hot this week

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට පැය 48ක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(09) උදෑසන 8 සිට පැය...

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

Topics

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...

නවීකරණයට ලක් වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට...

උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron