අද නුගේගොඩ රැළිය සංවිධානය කරන්නෙ ටිරාන්

නුගේගොඩදී අද (21) පැවැත්වෙන විපක්ෂයේ මහජන රැළිය සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නොව ‘මහජන හඩ’ නම් සංවිධානයක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අන්තර්ජාල වැඩසටහනක් සමග එක්වෙමින් ඔහු පවසන්නේ ‘මහජන හඩ’ නම් සංවිධානයේ සමකැඳවුම්කරුවන් දෙදෙනා වන්නේ තමන් හා හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා බවයි.

ටිරාන් අලස් මහතා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව මැලිකමක් දැක්වීම පිළිබදව අවස්ථා රැසකදී විපක්ෂය චෝදනා කර සිටියේ ය.

විපක්ෂයේ පාර්ශවයන් චෝදනා කර සිටියේ E Visa ගණුදෙනුවේදී පවා ටිරාන් අලස් මහතාගෙන් ප්‍රකාශයක් පවා ලබාගැනීමට කටයුතු නොකිරීමෙන් ආණ්ඩුව ඔහුට හිතවත්කමක් පෙන්වන බවය.

ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටින අවදියේදී ටිරාන් අලස් සමඟ සමීපව කටයුතු කර තිබූ අතර ඔහුට අයත් මව්බිම හා Ceylon Today යන පුවත්පත් ජනතා විමුක්ති පෙරමුණට වැඩි ඉඩක් ලබා දී තිබේ.

මේ අතර මෙම සාකච්ඡාවේදී උදය ගම්මන්පිල මහතා පවසන්නේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන යන අය මෙන්ම සර්වජන බලය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සුමන්තිරන්, දිගම්බරන්, මනෝ ගනේෂන්, සජිත් ප්‍රේමදාස යන කිසිවෙක් මෙම රැළියට සහභාගී නොවන බවයි.

කෙසේවෙතත් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මීට සහභාගී වන බවත් ඔවුන් වේදිකාවට නොපැමිණ ජනතාව අතර සිට තමන්ට ආශිර්වාද කරන බවත් උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron