නුගේගොඩ රැලියේ පරිශ්‍රයෙන් පිටත තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර පොලීසියෙන් ගලවයි

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් විපක්ෂයේ පක්ෂ කිහිපයක් සංවිධානය කරන “මහා ජන හඬ” රැලිය අද පස්වරු දෙකට නුගේගොඩ  “ආනන්ද සමරකෝන්” එළිමහන් රංග පීඨයේදී තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම ජනරැලිය සඳහා සමගි ජන බලවේගය, සර්වජන බලය හා ජාතික නිදහස් පෙරමුණ සහභාගි වන්නේ නැහැ.

එහි සූදානම පිළිබඳ සොයා බැලීම සඳහා විපක්ෂ දේශපාලන නියෝජිතයින් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ සිටියහ.

මේ අතර එම රැලියේදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත්කර තිබුණි.

එම නිවේදනයේ දැක්වෙන්නේ එම රැලිය පැවැත්වෙන පරිශ්‍රය අවට පිහිටි විභාග මධ්‍යස්ථානවල අද (21) පෙරවරු 08.30 සිට පෙරවරු 11.40 දක්වාත් පස්වරු 02.00 සිට පස්වරු 05.00 දක්වා අපොස උසස්පෙළ විභාගය පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඔවුන්ට බාධා එල්ල නොවිය යුතු බවය.

එබැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී එම පරිශ්‍රය තුළ පමණක් භාවිත කරන ලෙස පොලීසිය සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම විභාග සඳහා සහභාගීවන හා විභාග කටයුතු අවසන් කර පිටව යන සිසුන්ට බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

ඒ අනුව රැස්වීම පැවැත්වෙන පරිශ්‍රයෙන් පිටත සවිකර තිබු ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත් කිරීමට පොලීසිය කටයුතු කළේය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron