කස්සප හිමිගේ දුරකථන වාර්ථාවක් ලබාගන්න උසාවියෙන් නියෝග

ත්‍රිකුණාමලය, කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යෑමේදී ඇති වූ සිද්ධියට පොලිසියට ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (24) නොතිසි නිකුත් කළා.

ඒ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එන්.එම් සන්සුදීන් විසින්.

ත්‍රිකුණාමල වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩබ්. ජි. එස්. කේ. සමරසිංහ අධිකරණයට බී වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ඉකුත් 16 වන දින ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් ගතවී සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමිගෙන් වෛද්‍ය අනුමැතිය මත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යෑමේදී ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි.

එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 184 වගන්ති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

විමර්ශනවලට අදාලව සහාය දැක්වීම සියලු පුරවැසියන්ගේ යුතුකමක් බවත් රටේ සංහිඳියාව බිඳ වැටිය හැකි සිදුවීමක් වන මෙම සිදුවීමේ විමර්ශනවලට සහාය නොදක්වන හිමිනමට අධිකරණයේ පෙනී සිටින ලෙස නොසිති නිකුත් කරන ලෙසත් පොලිසීය ඉල්ලා සිටියා.

උන්වහන්සේ දැනට වැඩ වාසය කරන ස්ථානයක් සොයා ගැනීමට නොහැකි නිසා වැඩ වාසය කරන ස්ථානය සොයා ගැනීමටත් ජාතික හැඳුනුම්පත් අංකය හා ලිපිනය තහවුරු කර ගැනීම සඳහාත් උන්වහන්සේ භාවිතා කරන ජංගම දුරකථන අංකයට දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස පෞද්ගලික දුරකතන සමාගමක කළමනාකරුට නියෝගයක් නිකුත් කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලිමක් සිදු කළා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා හිමිනමට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොසිති නිකුත් කිරීමට අමතරව හිමි නම භාවිතා කරන ජංගම දුරකථන අංකයට දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස පෞද්ගලික දුරකතන සමාගමක කළමනාකරුට නියෝගයක් නිකුත් කළා.

විමර්ශනවලට අදාලව ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන දෙසැම්බර් 10 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා වරාය පොලිසියට වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron