Monday, December 29, 2025
20.8 C
Sri Lanka

කස්සප හිමිගේ දුරකථන වාර්ථාවක් ලබාගන්න උසාවියෙන් නියෝග

ත්‍රිකුණාමලය, කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක බුදු පිළිමයක් තැන්පත් කිරීමට යෑමේදී ඇති වූ සිද්ධියට පොලිසියට ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (24) නොතිසි නිකුත් කළා.

ඒ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එන්.එම් සන්සුදීන් විසින්.

ත්‍රිකුණාමල වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩබ්. ජි. එස්. කේ. සමරසිංහ අධිකරණයට බී වාර්තාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ඉකුත් 16 වන දින ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් ගතවී සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමිගෙන් වෛද්‍ය අනුමැතිය මත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යෑමේදී ප්‍රකාශයක් ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි.

එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 184 වගන්ති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

විමර්ශනවලට අදාලව සහාය දැක්වීම සියලු පුරවැසියන්ගේ යුතුකමක් බවත් රටේ සංහිඳියාව බිඳ වැටිය හැකි සිදුවීමක් වන මෙම සිදුවීමේ විමර්ශනවලට සහාය නොදක්වන හිමිනමට අධිකරණයේ පෙනී සිටින ලෙස නොසිති නිකුත් කරන ලෙසත් පොලිසීය ඉල්ලා සිටියා.

උන්වහන්සේ දැනට වැඩ වාසය කරන ස්ථානයක් සොයා ගැනීමට නොහැකි නිසා වැඩ වාසය කරන ස්ථානය සොයා ගැනීමටත් ජාතික හැඳුනුම්පත් අංකය හා ලිපිනය තහවුරු කර ගැනීම සඳහාත් උන්වහන්සේ භාවිතා කරන ජංගම දුරකථන අංකයට දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස පෞද්ගලික දුරකතන සමාගමක කළමනාකරුට නියෝගයක් නිකුත් කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලිමක් සිදු කළා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා හිමිනමට ලබන දෙසැම්බර් 10 දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොසිති නිකුත් කිරීමට අමතරව හිමි නම භාවිතා කරන ජංගම දුරකථන අංකයට දුරකථන විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස පෞද්ගලික දුරකතන සමාගමක කළමනාකරුට නියෝගයක් නිකුත් කළා.

විමර්ශනවලට අදාලව ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන දෙසැම්බර් 10 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා වරාය පොලිසියට වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron