සේවක අර්ථසාධක අරමුදල ගැන තොරතුරු දැනගන්න නව ඩිජිටල්කරණ පද්ධතියක්

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් නව ඩිජිටල්කරණ පද්ධතියක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.

සමස්ථ රාජ්‍ය සේවයේම ඩිජිටල් ප්‍රවේශ වැඩසටහන යටතේ, මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් මෙය සිදුකරන බව කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අද (25) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.

සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි සාමාජිකයෙකුට අන්තර්ජාල සේවාවන් හෝ ජංගම දුරකථන කෙටි පණිවුඩ මඟින් සේවක අර්ථසාධක අරමුදලේ ගිණුම්වල තොරතුරු ලබා ගත හැකි ක්‍රමවේදයක් දැනටමත් ක්‍රියාත්මක වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සේවක අර්ථසාධක අරමුදලේ  දැනට පවතින තොරතුරු පද්ධතිය 2000 වර්ෂයේදී පමණ සංවර්ධනය ආරම්භ කර ඇති අතර වර්තමාන හා අනාගතයට ගැලපෙන පරිදි නවීකරණය වී නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව හා කම්කරු දෙපාර්තමේන්තුව වෙන් වෙන් වශයෙන් පවතින දත්ත පද්ධති දෙක හේතුවෙන් දුෂ්කරතා මතුවීම හේතුවෙන් එම පද්ධති දෙක එක්කර මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සිදුකිරීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙලෙස හඳුන්වාදෙන නව ඩිජිටල්කරණ පද්ධතිය මුලික කොටස් කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරන බව ද අනිල් ජයන්ත මහතා කියා සිටියේය. 

* සේවායෝජකයන්ට EPF / ETF ගෙවීම එක් යෙදුමක් මඟින් සිදුකිරීමට හැකි වීම. 

* දැනට ශ්‍රී ලංකාවේ මහ බැංකුව හා කම්කරු දෙපාර්තමේන්තුවට වෙන වෙනම කළ යුතු යාවත්කාලීන කිරීම් තවදුරටත් අවශ්‍ය නොවන පරිදි දත්ත පද්ධති අතර අන්තර් සම්බන්ධීකරණයක් ඇති කීරීම.
 
* සේවකයන්ට තම රැකියාවට අදාළ තොරතුරු තම සාමාජික ගිණුම මඟින් දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට අවස්ථාව සැලසීම.

* EPF / ETF ශේෂයන් යාවත්කාලීව කිරීම.

* මාර්ගගත පරීක්ෂා කිරීම සහ සුවයන් උත්පාදන පණිවුඩ මඟින් දැනගැනීමට අවකාශයන් සැලසීම.
 
* පැමිණිලි කළමනාකරණය හා සම්බන්ධ කරමින් පරීක්ෂණ යෙදවුමක් ක්‍රියාත්මක කිරීම, යන ආදිය මෙම ඩිජිටල්කරණ පද්ධතිය තුළ සිදුකිරීමට නියමිතය.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron