Monday, April 20, 2026
22.3 C
Sri Lanka

පොහොර සහනාධාර මිල සම්බන්ධයෙන් තීරණයක්

ලෝක ‍වෙළෙඳපොළේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොහොර සහනාධාර මිල තීරණය කලයුතු බව කෘෂි සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

වී ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව, ගොවීන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර කළේය.

මෙහිදී වැඩිදුර අදහස් දක්වමින් කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා පැවසුවේ, වී වගාව කෙරෙහි දීර්ඝ කාලයක් තිස්සේ අවධානය යොමු කරමින් වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බවය.

කෙසේ වෙතත් අනෙකුත් බෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් රට තුළ මෙතෙක් සකස් කර නොමැති බවය ඔහු සඳහන් කළේය.

වී ගොවීන් මෙන්ම සියලු ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ගොවියා, රාජ්‍ය නිලධාරියා සහ දේශපාලනඥයා තවදුරටත් බෙදී කටයුතු නොකර මින් ඉදිරියට සියලු පාර්ශ්ව එක්ව එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ගොවීන්ගේ ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බව අමාත්‍යවරයා පැවසුවේය.

එහිදී අමාත්‍යවරයා පවසන ලද්දේ,  සහල් ආනයනය සීමා කිරීම අරමුණු කරගෙන වී නිෂ්පාදනය තවදුරටත් ඉහළ නැංවීම සහ වී මිලදී ගැනීමේ මිල ක්‍රමවේදය විධිමත් කිරීම පිළිබඳවත් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

නිෂ්පාදන පිරිවැය අවම කරමින් සහ ගොවියා ආරක්ෂා කර ගනිමින් පාරිභෝගික ජනතාවට ගුණාත්මක තත්ත්වයෙන් යුත් සහල් සහන මිලට ලබා දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ගොවියාට අසාධාරණයක් නොවන අන්දමින් වී සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙන බවද මෙහිදී අවධාරණය කර තිබේ.

මේ අතර වී ගොවිතැන සඳහා පොහොර  සහනධාරය නොලැබීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව ද පොහොර මිලදී ගැනීම සඳහා රජය ලබාදෙන මුදල් බැංකුගත කිරීම සඳහා කඩිනම් වැඩපිළිවලක් සකස් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ද සාකච්ඡාව පැමිණි අම්පාර ප්‍රදේශයේ ගොවීන් පවසා ඇති බව සඳහන් ය.

Hot this week

මැයි දිනයට අපි සිල් ගන්නවා -මහින්ද රාජපක්ෂ-

බලය ලබාගැනීම සඳහා ලොකු සැලැස්මක් නව වසරේ ඇති බව...

හිටපු අමාත්‍ය පියසේන ගමගේට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්...

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන...

පළාත් පහකට අද තද වැසි

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාතේ ඇතැම්...

තාවකාලිකව අත්හිටවූ හැඳුනුම්පත් කාර්යාලයේ සේවාවන් අද සිට යළි ක්‍රියාත්මක වෙයි

තාවකාලිකව අත්හිටවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත්...

Topics

මැයි දිනයට අපි සිල් ගන්නවා -මහින්ද රාජපක්ෂ-

බලය ලබාගැනීම සඳහා ලොකු සැලැස්මක් නව වසරේ ඇති බව...

හිටපු අමාත්‍ය පියසේන ගමගේට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්...

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්ට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන...

පළාත් පහකට අද තද වැසි

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාතේ ඇතැම්...

තාවකාලිකව අත්හිටවූ හැඳුනුම්පත් කාර්යාලයේ සේවාවන් අද සිට යළි ක්‍රියාත්මක වෙයි

තාවකාලිකව අත්හිටවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත්...

ඉන්දීය උප ජනාධිපති අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

ඉන්දීය උප ජනාධිපති ශ්‍රී.සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (19) ශ්‍රී...

ජයකොඩිගේ ඉල්ලාඅස්වීමට සුමන්තිරන්ගේ ප්‍රසාදය

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා එම ධුරයෙන් ඉල්ලාඅස්වීම සම්බන්ධයෙන්...

අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ බස් රථවලට දඩ 

අලුත් අවුරුදු සමයේ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කළ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron