ආපදාවෙන් සම්පූර්ණ හානි වූ නිවාස ගණන 5,000 ඉක්මවයි

දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට සම්පූර්ණයෙන්ම හානි වූ නිවාස සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ව ඇත්තේ සිදුවූ ආපදාවෙන් මේ වන විට නිවාස 5,325ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවය.

එයින් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 1,815කි. 

දෙවැනියට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම හානි වූ නිවාස ගණන 767කි.

තවද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිවාස 476ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 415ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 404ක් මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 300ක්ද ආපදාවෙන් සම්පූර්ණ විනාශ වි තිබේ.

මේ අතර ආපදාවෙන් අර්ධ වශයෙන් හානි වී ඇති නිවාස අතුරින් ද වැඩිම නිවාස ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම නිවාස ගණන 13,422කි.

අර්ධ වශයෙන් හානි වූ නිවාස අතරට කෑගල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 11,601ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 7,869ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 7,291, ගම්පහ දිස්ත්‍රික්කයෙන් නිවාස 5,830ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් නිවාස 4,809ක්, වව්නියාව දිස්ත්‍රික්කයෙන් නිවාස 4,135ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නිවාස 3,742ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිවාස 3,600ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් නිවාස 3,526ක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 2,249ක් ලෙසද වාර්තා වී ඇත.

පැවති ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ වැඩිම පවුල් සහ පුද්ගලයින් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එහි පවුල් 98,146ක පුද්ගලයින් 349,429ක් බලපෑමට ලක්ව ඇතැයිද සඳහන් වේ.

දෙවැනියට වැඩිම ප්‍රමාණයක් බලපෑමට ලක්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල්  85,803ක පුද්ගලයින් 328,847ක් ආපදා තත්තවය හේතුවෙන් අවතැන් වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 51,098කට අයත් පුද්ගලයින් 161,140ක් ද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 25,999ක පුද්ගලයින් 86,376ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 25,055ක පුද්ගලයින් 85,891ක් ද, මන්නාරම දිස්ත්‍රික්කයේ 23,641ක පුද්ගලයින් 77,451ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 22,918ක පුද්ගලයින් 67,340ක්ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 21,948ක පුද්ගලයින් 72,359කද මෙම ආපදා තත්ත්වයෙන් වැඩිම බලපෑමට ලක්වූවන් ලෙසද වාර්තා වී ඇත.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron