Tuesday, December 30, 2025
21.4 C
Sri Lanka

පියුමි හංසමාලිට අධිචෝදනා

රජයට බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලී සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිහාර මහාරච්චි මහතා හමුවේ මෙම පැමිණිල්ල කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.

වගඋත්තරකරුවන් දෙදෙනා 2022/2023 වර්ෂ සඳහා රුපියල් මිලියන 419ක ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ අනුව පියුමි හංසමාලීරුපියල් 225 ක් විරංජිත් තාඹුගල මහතා  රුපියල් මිලියන 194 ක්  ආදායම් බදු ගෙවීම පැහැර හැර තිබුණා.

සැකකරුවන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත උල්ලංඝනය කරමින් බදු පරිපාලනයට බාධා කිරීම, බදු ලිපිගොනු නිසි පරිදි පවත්වාගෙන නොයෑම සහ බදු ගෙවීම පැහැර හැරීම යන අපරාධමය වරදවල් සිදු කර ඇති බවට දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් මෙම පැමිණිලි ගොනු කර තිබෙනවා.

නීතිඥ දිනේෂ් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම පැමිණිලිවලට එරෙහිව පියුමි හංසමාලී විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නියෝගයක් නිකුත් වී නොමැති බවයි.

එම බදු මුදල්, දඩ සහ පොලිය අය කර ගැනීම සඳහා ඉදිරියේදී මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන අප්‍රේල් මස 29 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron