Tuesday, December 30, 2025
23.4 C
Sri Lanka

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද පෙරේරා නැමැත්තාව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමන්ත පෙරේරා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙක් වන සුදත් චන්දන හෙවත් ‘මුට්ටියා’ නැමැත්තෙක් බව පොලිසිය පැවසුවේය.

බඩෝවිට අසංක නම් අපරාධකරුගෙන් පලිගැනීම සඳහා මෙම ඝාතනය සමන්ත පෙරේරා නැමති අපරාධකරු විසින් මෙහයවා ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අනතුරුව මෙම ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ බව කියන සුදත් චන්දන හෙවත් මුට්ටියා නම් 52 හැවිරිදි පුද්ගලයාව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඊයේ පස්වරුවේ පිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙඩිතැබීම සඳහා භාවිත කළ බව කියන දේශීය නිෂ්පාදිත බෝර 16 උණ්ඩ යෙදිය හැකි ගිනිඅවිය ද පොලිසිය බෙල්ලන්විලදී සොයා ගෙන තිබේ.

ඝාතනය සමන්ත නැමැත්තා සමග ඇති හිතවත්කම මත සිදුකළ බවත් ඒ සඳහා තමන්ට ඔහු විසින් රුපියල් ලක්ෂයක පමණ මුදලක් ලබාදුන් බවත් සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.

එමෙන්ම ඝාතනයට සම්බන්ධ අනෙක් වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

මිලියන 330ක දුම්වැටි තොගයක් සමග 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද රුපියල් මිලියන 330 ක්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron