දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින්, සුඛෝපභෝගී බස් රථයක් තුළ හෝටල් පහසුකම් සහිතව සංචාරය කළ හැකි ‘බස්ටුරන්ට්’ (Bustaurant) නමැති නව සංකල්පය ඊයේ (15) දඹුල්ලේදී නිල වශයෙන් ආරම්භ කෙරුණා.
දඹුල්ල මහා නගර සභාව හා ප්‍රාදේශීය සභාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක සහයෝගය මත මෙම ව්‍යාපෘතිය දියත් කර තිබෙනවා.
මෙම සේවාව මගින් දඹුල්ල, පැල්වෙහෙර, ඉනාමලුව, කිඹිස්ස, සීගිරිය සහ පිදුරංගල වැනි ඓතිහාසික ස්ථාන කරා ග්‍රාමීය මාර්ග ඔස්සේ ගමන් කරන අතර, බස් රථය තුළම ආහාර පාන ලබාගැනීමට සහ විවේකීව සංචාරය කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා.
මෙම ගමන් මාර්ගයේදී රන්දෙනි වැව, ඉබ්බන්කටුව සහ කන්දලම වැනි සුන්දර ජලාශ මෙන්ම කුඹුරු යායන් නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.
දෙස් විදෙස් සංචාරකයන් රැගත් ප්‍රථම බස් රථය අද සිය ගමන ආරම්භ කළ අතර, එය සීගිරිය හා අවට සුන්දරත්වය නරඹමින් සියලු පහසුකම් සහිතව දිනක් ගත කිරීමට සංචාරකයන්ට මඟ පෙන්වනු ලබයි.


