Saturday, February 28, 2026
25.1 C
Sri Lanka

සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු නිවේදන

විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට එරෙහිව මේ වන විට රතු නිවේදන ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසනවා.

අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ 2024 වසරේදී රතු නිවේදන හරහා සැකකරුවන් 10 දෙනෙකු මෙන්ම 2025 වසරේදී රතු නිවේදන හරහා සැකකරුවන් 11 දෙනෙකුද මෙරටට රැගෙන ආ බවයි.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එම වසර දෙකෙහිදිම උදර්පන නීතිය හරහා සැකකරුවන් 21 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමටද හැකියාව ලැබුණු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා,

“2024 වසරේදී අපිට පුළුවන් වුණා රතු නිවේදන හරහා සැකකරුවන් 10 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න. ඒ වගේම 2025 වසරේදී අපිට හැකියාව ලැබුණා සැකකරුවන් 11 දෙනෙකු ගෙන්වා ගන්න.  ඒ වගේම 2024-2025 වසරේ අපිට උදර්පන නීතිය හරහා සැකකරුවන් 21 දෙනෙක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා. 

ඒ වගේම මේ වන විටත් රටෙන් බැහැරව සිටින, සැඟව සිටින සහ විදේශගතව සිට ජාලගත අපරාධ මෙහෙයවන අපරාධකරුවන් රාශියක් අපි හඳුනාගෙන තියෙනවා. ඉන් රතු නිවේදන 95ක් මේ වන විට නිකුත් කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අද දිනයේදී සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණේ. 

විශේෂයෙන් අරාබි එක්සත් රාජධානියේ රජයට සහ අබුඩාබි ජාත්‍යන්තර පොලීසියට, ඩුබායි පොලීසියට සහ තානාපති කාර්යාලවල සහායෙන් මෙම සැකකරුවන් සහ සැකකාරියන් ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා.    

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු කඳාන පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 2025 ජූලි මස කඳාන ප්‍රදේශයේ කාර් රථයකට වෙඩි තබා සිදුකරනු ලැබූ මනුෂ්‍ය ඝාතනයක් හා සබැඳි ප්‍රධාන සැකකරු ලෙස මොහු හඳුනාගෙන තිබෙනවා. මොහු බරපතළ මිනීමැරුම්, අවි ආයුධ ළඟ තබා ගැනීම්, අවිආයුධ පරිහරණය, ඒ වගේම බරපතළ සංවිධානාත්මක අපරාධවලය සම්බන්ධ අයෙකු හැටියට අපි හඳුනාගෙන තියෙනවා. ඔහු අද දින කැලණිය අපරාධ කොට්ඨාසයට බාර දීමෙන් ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යනවා.

දෙවැනි සැකකරු හැටියට ඔහු දකුණු පළාත නියෝජනය කරමින් විශේෂයෙන්ම ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන තියෙනවා.  මොහු දකුණු ප්‍රදේශයේ පාතාලය, සංවිධානාත්මක අපරාධ, බරපතළ මිනීමැරුම් අවි හා ආයුධ ළඟ තබා ගැනීම් වගේම බරපතළ අපරාධ සඳහා සම්බන්ධ වූ අයෙක් හැටියට මේ වන විට හඳුනාගෙන තියෙනවා. මොහුට ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අමතරව ශ්‍රී ලංකා පොලීසිය විසින් රතු නිවේදනයක් නිකුත් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෙරටට රැගෙන ආවේ. ඔහු ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ෂන කටයුතු සිදු කෙරෙනවා. 

එමෙන්ම එක් සැකකාරියක් අපි අත්අඩංගුවට ගත්තා මැය ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය 2014 වසරේදී රාජ්‍ය මුදල් අවභාවිත වන සේ වංචා කිරීමේ සිද්ධීන් කිහිපයකට අවශ්‍ය කර සිටින සැකකාරියක් ඇයට කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව නිකුත් කර තිබූ රතු නිවේදනයක් මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනු ලැබුවා. ඇය ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමෙන් පසු ඇය පිළිබඳත් ඉදිරි නෛතික කටයුතු සිදුකරනු ලබනවා.”

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron