Tuesday, April 14, 2026
25.9 C
Sri Lanka

රිමාන්ඩ් භාරයේ සිටින කස්සප හිමි ඇතුළු හිමිවරුන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙනමක් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් විසින් නිකුත් කර තිබෙන නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම අද අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අතර ඉන්පසුව එය කරුණු තහවුරු කිරීම සඳහා ලබන 22 වන ද කැඳවීමටද නියම වුණි.

බලංගොඩ කස්සප හිමි ඇතුළු 10ක් රිමාන්ඩ් කළේ ඇයි ?

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ අනවසර බෞද්ධ ආගමික ඉදිකිරීම් සිදු කිරීම සහ නව බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව් දෙනෙකු සහ තවත් පුද්ගලයින් හය දෙනෙකි.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ වෙරළ සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරන ලද මෙම නඩුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් හමුවේ අද (ජන. 19) වන දා කැඳ වූ අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ විත්තිකරුවන් ජන. 28 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ය.

විත්තිකරුවන්ට එල්ල වන චෝදනා මොනවාද?

වෙරළ ආරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කරමින් 2025 වසරේ නොවැම්බර් මාසයේදී වෙරළ තීරයේ ව්‍යුහයක් ඉදිකර පිළිමයක් තැබීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

ත්‍රිකුණාමලය කොටුව විහාරයේ විහාරාධිපති පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, සම්බුද්ධ ජයන්ති විහා­රා­ධි­පති මිහි­ඳු­පුරේ කල්‍යා­ණ­වංශ තිස්ස හිමි, පූජ්‍ය සුකිත්ත වංශ හිමි, සිරිමාපුර විහාරයේ පූජ්‍ය නන්ද හිමි මෙන් ම කොටුව විහාරයේ විධායක කමිටු සාමාජිකයින් වන දීපානි ලියනගේ, විදුරංග ලොකු ගලප්පත්ති, එල්.ටී. පෙරේරා, පියලාල් ප්‍රේමසිරි සහ තේකුම් දුලාර යන පිරිස විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

ඊට අමතරව, සුතිප්ප ලියනගේ සහ සුගත් ප්‍රසන්න යන අය ද විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

Hot this week

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට පැය 48ක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(09) උදෑසන 8 සිට පැය...

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

Topics

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...

නවීකරණයට ලක් වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට...

උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron