Saturday, February 28, 2026
19.7 C
Sri Lanka

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කර නෑ- අමාත්‍ය නලින්ද-

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය ජනතාව සහ සියලු පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ යම් යම් පාර්ශ්ව තුළ මතුව ඇති ව්‍යාකූලත්වය සමග අධ්‍යාපන ප්‍රතිසංස්කණ ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් ඒ අනුව මේ සම්බන්ධව සියලු පාර්ශ්ව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත්ය.

එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුවූ ගැටලුකාරී තත්ත්වය මත සිදු කෙරෙන විමර්ශන සඳහා මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළුව තවත් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

තවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කර නොමැති බවත් එම කටයුතුවලට අදාළ අනෙකුත් සියලු කරුණු මේ වන විටත් සිදුවෙමින් පවතින බවද පැවසූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පළමු ශ්‍රේණියට අදාළව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළැඹෙන ජනවාරි 29 වැනි දින සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවය. 

එමෙන්ම 6 ශ්‍රේණියට අදාළ විෂය මාලාව පමණක් තාවකාලිකව ක්‍රියාවට නැංවීම නතර කර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම කාලය තුළ මේ සම්බන්ධව සියලු පාර්ශ්ව දැනුවත් කර පවතින ව්‍යාකූලත්වය තුරන් කිරීමට හැකිවනු ඇති බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“තවමත් විපක්ෂයේ කණ්ඩායම් තැනින් තැන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දුර් මතයක් ප්‍රකාශ කරමින් ඉන්නවා. අපි රජයක් හැටියට ස්ථාවරයේ ඉන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ මේ රටක එක් පරම්පරාවක් අධ්‍යාපනික ලෙස වෙනස් කරලා මේ රටේ ජාතික සංවර්ධනයට දායක කරගන්න වගේ කාරණා කිහිපයක් ඇතුළුව දැවැන්ත ප්‍රතිසංස්කරණයක් මේ ආදි හැටියට කුඩා හෝ කණ්ඩායමක විචිකිච්චාවක් සහ ව්‍යාකූලත්වයක් සහිතව ඉස්සරහට යන්න බෑ කියලා. ඒ අනුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න සහ ඒ පාර්ශ්වයන් සමග විදිමත් සාකච්ඡාවකට කාලය ලබා ගන්න රජය අදහස් කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරලා නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව අනෙකුත් කටයුතු සිදු වෙනවා. විෂය මාලාව වෙනස් වීමේදී පළවෙනි ශ්‍රේණියට අදාළ කරන විෂය මාලාව වෙනස් වීම සිදුකරලා තියෙන්නේ එය ජනවාරි 29 වැනිදා ආරම්භ වෙනවා. 6 වැනි ශ්‍රේණියට අදාළ විෂය මාලාව පමණක් මේ මාස කිහිපයක් නතර කරලා තියෙන්නේ. ඒ කාලය තුළ අපිට පුළුවන් කම ලැබේවි කීප දෙනෙක් හදන ව්‍යාකූලත්වය අහෝසි කරන්න.

අපි මේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා විපක්ෂය ගේන විශ්වාසභංගයට අපි දිනත් ලෑස්ති කරලා දුන්නා. මේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා අපි ලෑස්තියි ඒ විශ්වාසභංගයට ලෑස්ති වෙන්න. අද වෙනකන් ඒ විශ්වාසභංගය බාරදීලා තිබුණේ නෑ… විපක්ෂය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට විරුද්ධව විශ්වාසභංගයක් භාර දෙන්නේ නැත්නම් ආණ්ඩුව පැත්තෙන් අපි තීන්දු කරලා තිබෙනවා මේ බ්‍රහස්පතින්දා දවස සම්පූර්ණයෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩුව ගේන කල් තැබීමේ යෝජනාව විවාදයට ගන්න. රජයක් හැටියට අපිට වගකීමක් තිබෙනවා මේ තිබෙන සැක සංකා අහෝසි කරලා දාලා සියලු දෙනාම අනුගත කරගෙන යන්න ඒකට යම් කාලයක් ගත කරන්නට සිද්ධ වේවි.”

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron