Saturday, April 18, 2026
25.6 C
Sri Lanka

රේස් පැද්දොත් දැඩි දඩුවම්

ප්‍රධාන මාර්ගයන් හි අනාරක්ෂිතව යතුරුපැදි භාවිත කරමින් ධාවනය වන සියලු යතුරුපැදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසනවා.

අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියා.

මේ වන විට අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි භාවිත කරමින්ද මෙම කටයුත්තට සම්බන්ධ වන බවට තොරතුරු වාර්තා වී ඇති බව පැවසු නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත එම යතුරුපැදි අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන් බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා,

“යතුරුපැදි තියෙන්නේ තමන්ට ගමන් පහසුව සලසා ගන්න මිසක් ප්‍රධාන මාර්ගවල රේස් පදින්නවත්, පදිකයෝ අනතුරට පත් කරන්නවත්, විනයගරුකව සහ නීතිගරුකව රිය පදවන රියදුරන් අපහසුතාවට පත් කරන්නත් නෙමෙයි. විශේෂයෙන් මේ තරුණයන්ගේ නැගී එන රැල්ල මේක ඉතා භයංකාරයි. ඒක නිසා අපි විශේෂයෙන් කියලා තියෙනවා රථවාහන නිලධාරීන්ට අධික වේගයෙන් අන්තරාදායකව අපරික්ෂාකාරීව යනවානම් අනිවාර්යෙන්ම යතුරුපැදි සම්බන්ධව කටයුතු කරන්න කියලා. 

විශේෂයෙන්ම දැන් අවුරුදු 18ට අඩු අයත් යතුරුපැදි පදිනවා. ඊයේ අපි දැක්කා අවමංගල්‍යයකදි. මෙකේ වෙලා තිබ්බෙත් යතුරුපැදියක අධික වේගයෙන් රියදුරු බලපත්‍රයක්වත් නැතිව රේස් ගිහිල්ලා මරණයට පත්වෙලා. දැන් ඒ අවමංගල්‍ය පෙරහැරෙත් යන්නේ යතුරුපැදි. සමහර අය හෙල්මට් නැතිව ගිහිල්ලා. 

තරුණයන්ගේ මේ එන රැල්ල එච්චර හොඳ නෑ. ඒ නිසා විශේෂයෙන්ම අපි පොලීසියට කියලා තියෙනවා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි. අපි කියලා තියෙනවා දැන් ඒවා වහාම අත්අඩංගුවට ගන්න කියලා. අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා ඒවා රාජසන්තක කරන්න කියලා අපි දැනුම් දීලා තියෙනවා.”

Hot this week

ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ...

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඉල්ලා අස් වූයේ ඇයි ?

බාල ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී...

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ...

අධි ආරක්ෂිත කලාප ගැන ජනාධිපතිවරයාගේ ස්ථාවරය කුමක් ද ?

දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප සීමා තවදුරටත් පවත්වාගෙන යාම...

අදත් පැය 12 ජල කප්පාදුවක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (09) සහ හෙට...

Topics

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් මේ...

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron