වසන්ත මුදලිගේට වරෙන්තු

කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පවත්වා මහජන පීඩාවක් කළැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ‍ අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කරමින් මහර ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වරෙන්තු නිකුත් කළා.

මෙම සිද්ධියට අදාල සැකකරුවන් නව දෙනෙකුට එරෙහිව පවරා තිබූ මෙම නඩුවේදී සැකාකර වසන්ත මුදලිගේ යන අය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් වුණා.

ඩී. එම්. චාමික අසේල , ජේ ඒ. ජුඩ් ක්‍රිශාන්ති, ඩබ්ලිව්. එම්. යශෝද් ලක්ෂාන්, ඩබ්ලිව්. කේ. සමීර සම්පත්, එම්. එම්. රසික දිල්හාර, එස්. ඒ. ක්‍රිශාන්ත සුභසිංහ, ජනිත් ජනජය, සංජය හෙට්ටිමුල්ල හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන නවදෙනා මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම, රජයට විරැද්ධව කැරලි ගැසීම, නීති විරෝධී රැස්වීමක් විසිර යාමට නිත්‍යානුකූල බලධරයකු විසින් දැනුම් දී තිබියදීත් එම ස්ථානයේ රැදී සිටීම, අයුතු අවහිරය සිදු කිරීම, පෙළපාලියක් හෝ පෙරහැරක් පවත්වන බව පැය 06 කට පෙර නොදන්වා නීති විරෝධී රැස්වීමක් ආරම්භ කිරීම හා කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර කිරීම යන චෝදනා කිරිබත්ගොඩ පොලිසිය විසින් ඔවුනට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබිණා.

ඉකුත් 2025 වසරේ කැලණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී එම සිසුන් නව දෙනා කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇප මත මුදා හැර තිබෙනවා.

නඩුව ලබන ජුනි මස 23 වැනිද තෙක් කල් තැබුණා.

කිරිබත්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක (90071), කුලසිංහ (10789) හා අලුත්ගේ (100478) යන නිලධාරීන් විසින් මේ නඩුව මෙහෙයවනු ලැබුවා.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron