Sunday, March 1, 2026
22.7 C
Sri Lanka

මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම 2025 වසරේදී

මෑත ඉතිහාසයේ ආරක්ෂක අංශ විසින් සිදුකළ මෙහෙයුම් අනුව වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට හැකි වුයේ 2025 වසරේදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

“රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය” සම්බන්ධයෙන් අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුව අමතින් ඒ මහතා මේ බව පැවසීය.

2024 වසරේදී හෙරෝයින්, ගංජා, අයිස්, හෂිෂ් සහ කොකේන් යන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10,871ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එම අගය 2025 වසරේදී කිලෝ ග්‍රෑම් 23,692යි ග්‍රෑම් 307කක් දක්වා ඉහළ අගයක් ගත් බවත් ඒ මහතා පවසයි.

එය තෙගුණයක වර්ධනයක් බව ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම  2024 සහ 2025 වසර දෙක තුළදී විදේශයන්වල සැඟව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 21 දෙනෙකු මෙරටට ගෙන එමට සමත්ව තිබේ.

මේ වන විට විදේශයන්වල සැඟව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 96 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර ඇති අතර ඔවුන් ද ඉතා ඉක්මනින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එමෙන්ම 2024 සහ 2025 වසරවලදී රත්‍රාං පවුම් 354ක් රජය සතුකර ගැනීම සඳහා අවශ්‍ය මූලික නෛතික පියවර ගෙන ඇති බවත් අනීතික මුදලින් මිල දී ගත් යාන වාහන 77ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මීට අමතරව නිවාස 30ක් පොලිස් භාරයට ගෙන ඇති අතර ඉඩම් පර්චස් වලින් 1,197ක් තහනම් කර ඇත.

මුදලින් රුපියල් ලක්ෂ 3,539ක් තහනම් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි. 

"2025 වසරේ දී තමා මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන මත් ද්‍රව්‍ය අපරාධකරුවෝ ජාවාරම්කරුවෝ වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්නට හැකි වුයේ. 2024 දී හෙරෝයින් කිලෝග්‍රෑම් 832ක් වූ ප්‍රමාණය 2025 වසරේ දී 1,821ක් දක්වා තුන් ගුණයකින් වැඩි කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීව්‍ර ලෙස සොදිසි කිරීම් පරික්ෂා කිරීම් අත්අඩංගුවට ගැනීම් මෙහෙයවන්නට හැකියාව ලැබුණා. 

ඒ වගේම 2024 වසරේදී ගංජා කිලේ ග්‍රෑම් 8,359ක් වූ ප්‍රමාණය 2025 වසරේ දී 17,189ක් දකවා වැඩි කරන්නට අපිට හැකියාව ලැබුණා. 

එවගේම වසරේදී කොකේන්, හෂිෂ් සහ අයිස් සමස්ථ සංසන්දනාත්මක අගයක් අපි සලකලා බැලුවාහම විශේෂයෙන් 2024 සහ 2025 දී 100%කින් අපිට හැකියාව ලැබී තිබෙනවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරමට පාලනය කරන්නට පුළුවන් වුණා. 

මත්ද්‍රව්‍ය ජාවාරම කියන්නේ ජාලගත අපරාධයක්. මෙයට සම්බන්ධ විශේෂයෙන් අධිකරණය මගහැරලා විදේශගත වෙලා ඉන්න අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අපි හැකියාව ලැබුණා. මේ උදර්පණ නීතිය යටතේ 2024 වසරේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 10 දෙනෙකු ලංකාවට ගෙන්න ගත්තා. 2025 වසරේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 11 දෙනෙකු අතුළු මේ වසර දෙකේදී 21 දෙනෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

රතු නිවේදන හරහා අධිකරණය මගහැර විදේශවල සැඟව සිටින අපරාධකරුවන් 95 දෙනෙකෙුට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. 

මේ අත්අඩංගුවට ගත් ජාවාරම්කරුන්ගේ නීතිවිරෝධී දෙපොළ පොලිස් භාරයට ගෙන තහනම් කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව 2024 සහ 2025 වසරවලදී රත්‍රං පවුම් 354ක් රජය සතු කරගැනීම සඳහා අවශ්‍ය මූලික නෛතක කටයුතු කර තිබෙනවා. 

එමෙන්ම නීතිවිරෝධි මුදලින් මිල දී ගත් යාන වාහන 77ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. නිවාස 30ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඉඩම් පර්චස් වලින් 1,197ක් තහනම් කරලා තියෙනවා. මුදලින් රුපියල් ලක්ෂ 3,539ක් තහනම් කරලා තිබෙනවා.  විශේෂ විමර්ශන 65ක් ආරම්භ කරලා තියෙනවා." 

Hot this week

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

Topics

GMOA දැඩි තීරණයක

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා...

‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු...

පොඩි ලැසී රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම ඝාතන සිද්ධීන් රැසකට සම්බන්ධ...

මර්වින්, ප්‍රසන්න ඇතුළු පස්දෙනෙක්ට කැලණියේ ඉඩම් කොල්ලයේ නඩුවට අධිචෝදනා!

කිරිබත්ගොඩ නගරයේ රජයට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක්...

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර ලබාදීමේ ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

අවසරපත්‍ර හා දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය...

පොඩි ලැසීව ඇල්ලුවේ රතු නිවේදන නැතිව -පොලිස් මාධ්‍ය ප්‍රකාශක –

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු...

පොඩි ලැසී ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට 

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන අද (27) අලුයම මෙරටට ගෙන ආ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron