චාමර සම්පත්ට එරෙහි චෝදනා මොනවාද?

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිසම අද (ජන: 23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.

මෙම නඩුව කැඳවනු ලැබුවේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ ය.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කර තිබෙන බව ය.

ඒ අනුව, මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කළ මහේස්ත්‍රාත්වරයා මහාධිකරණයෙන් නොතීසියක් ලද විට අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර චාමර සම්පත් දසනායකට නියම කළේ ය.

රජයට රු. ලක්ෂ 173කට අධික මුදලක අලාභයක් කළ බවට චෝදනා

2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල් පිරීමට පෙර ඉවත් කර ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මේ අතර, සැකකාර චාමර සම්පත් දසනායකට එරෙහිව ඉදිරිපත් කර තිබූ තවත් දූෂණ චෝදනාවකට අදාළ පැමිණිල්ලක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ, ඊට අදාළ විමර්ශන අවසන් කර වාර්තා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් වෙත ඉදිරිපත් කර ඇති බව ය.

ඒ අනුව, අදාළ පැමිණිල්ල යළි ජූනි මස 19 වන දා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් අල්ලස් කොමිසමට නියෝග කළේ ය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron