එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට දුන් නියෝගය මොනවාද ?

කොළඹ වරාය අවට මුහුදේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සහ කොළඹ මහාධිකරණයෙන් නියෝග ලබාගෙන ඇති බව නීතිපතිවරයා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ක්‍රියාත්මක කර තිබෙන ආකාරය පරික්ෂා කිරීම සඳහා එම පෙත්සම් අද යළි කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මෙම දැනුම්දීම කළේ ය.

මෙම පෙත්සම් ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබී ය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2025 සැප්තැම්බර් මස 25 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අනුව අපරාධ සහ සිවිල් අංශවලින් මෙම නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන තිබෙන පියවර විස්තර කරමින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේ ය.

මෙම නඩුකරයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 14 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ මහාධිකරණයෙන් සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග ලබා ගනු ලැබ තිබෙන බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී පැවසීය.

ඊට අමතරව එම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාර්ගයෙන් විමර්ශනයක් සිදු කරන බවත් ඔහු අධිකරණයට දන්වා සිටියේ ය.

ඊට අමතරව සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම යටතේ මෙම සිද්ධියට අදාළව සිංගප්පූරුවේ පැවැත්වෙන බේරුම් කරන ක්‍රියාවලියක් සඳහා නොතීසි ලැබී ඇතැයි සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමුකරන බවත් පැවසුවේ ය.

මෙම නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ගන්නා සෑම පියවරක් ගැන ම අධිකරණය දැනුවත් කොට අධිකරණ නියෝග මත පමණක් ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ පැවසීය.

ඉන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිල්ශාන්ත සිරිමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම නෞකා අනතුරට එහි දේශීය සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම වගකිව යුතු බව ය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව ජනවාරි මස 23 වන දා වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් අදාළ සමාගම ගෙවා තිබිය යුතු වුවත්, ඔවුන් ගෙවා තිබෙන්නේ රුපියල් මිලියන 250ක් පමණක් යැයි පෙන්වා දුන් නීතිඥවරයා ඒ හරහා ඔවුන් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවටත් චෝදනා කළේ ය.

ඒ අනුව, අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් සතු වත්කම් සහ දේපළ ගැන ඔවුන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කිසිදු ආකාරයකින් මෙම නඩුවේ තීන්දුව වෙනස් කළ නොහැකි බව පැවසීය.

එම තීන්දුව ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඔහු කියා සිටියේ ය.

මෙහිදී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ නම් එය මෙම නඩුකරය ආරම්භ වූ දා සිට සිදු කළ යුතු බවත් පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවසානයේදී සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෝසමේ අන්තර්ගත කරුණු අධිකරණය විසින් අනුමත කරනු ලබන බව ය.

ඒ අනුව, අදාළ පාර්ශව සමග සාකච්ඡා කර මෙම තීන්දුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, ඉන් අනතුරුව මෙම පෙත්සමේ විභාග කටයුතු අවසන් කිරීමට ද තීන්දු කළේ ය.

Hot this week

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

Topics

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයෙන් නව ආයෝජන අවස්ථා

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තය අතර...

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron