නේවි සීල් පුහුණුව සම්පූර්ණ කළ පළමු ලාංකික නිලධාරියා ජීවිතක්ෂයට

ලොව විශේෂ හමුදා වෙනුවෙන් පැවැත්වෙන ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නාවික විශේෂ සංග්‍රාමික මූලික පුහුණු විධාන‍ය මගින් පවත්වනු ලබන අතිදුෂ්කර මූලික සීල් පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස සීල් පළඳනාව හිමිකරගත් ලුතිනන් කොයාන් චමිත ජීවිතක්ෂයට පත්ව තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් බීබීසී සිංහල වෙත පැවසුවේ ලුතිනන් කොයාන් චමිත වැලිසර නාවික හමුදා කඳවුරේදී මෙලෙස ඊයේ (ජනවාරි 28) උදෑසන ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

මරණයට හේතුව මෙතෙක් නිශ්චිත ව ප්‍රකාශයට පත් කර නැත. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවේ මියගිය නිලධාරියාගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට සිදුකෙරෙමින් පවතින බව ය.


ජීවන තොරතුරු

1997 වසරේ ඔක්තෝබර් මස 22 වැනි දා උපත ලැබු ලුතිනන් කොයාන් චමිත, පවුලේ එක ම දරුවා වන අතර ඔහු ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ආදි සිසුවෙකි.

2017 වර්ෂයේ ජූනි මස 30 වැනි දින 60 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ ලුතිනන් කොයාන් චමිත නාවික හමුදාවේ පුහුණුව සඳහා එක්ව තිබේ.

සීල් ට්‍රයිඩන්ට් පළඳනාව හිමිකරගත් විසිහත් දෙනා අතරට…

සිය මූලික පුහුණුවෙන් පසු විශේෂ යාත්‍රා බලඝණයේ විශේෂ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 2025 වර්ෂයේ ජනවාරි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නාවික විශේෂ සංග්‍රාමික මූලික පුහුණු විධාන‍ය වෙත සීල් පුහුණුව සඳහා අනුයුක්ත විය.

ලොව විශේෂ හමුදාවන්ගේ සාමාජිකයන් සඳහා පැවැත්වෙන ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා සීල් පුහුණුව තුළ සිදුකෙරෙන බහු-අදියර සුදුසුකම් ක්‍රියාවලියේදී දිය යට පුපුරණ ද්‍රව්‍ය, මෙවලම් හෝ යන්ත්‍රෝපකරණ භාවිතයෙන් කෙරෙන මූලික බිදහෙලීම්, උසස් සංග්‍රාමික කිමිදීම්, ගොඩබිම් සංග්‍රාම සහ කුඩා කණ්ඩායම් සංග්‍රාමික උපක්‍රම ඇතුළු සුවිශේෂී අතිදුෂ්කර පුහුණුවක නිරත වීමට ඔහුට සිදුවිය.

එවන් සුවිශේෂී පුහුණුවක් සඳහා අනුයුක්ත වූ දෙසීයක පමණ පුහුණුවන්නන් අතුරින්, සීල් ට්‍රයිඩන්ට් පළඳනාව හිමිකරගත් විසිහත් දෙනා අතරට ලුතිනන් කොයාන් චමිත ද ඇතුළත් වේ.


ඔහු එම පුහුණුව සම්පූර්ණ කර නැවත පසුගිය වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර, මියයන විට පෙබරවාරි 4 වැනි දා පැවැත්වෙන නිදහස් දින උත්සවයට අදාළ පෙරහුරුවලට සහභාගිවීම සඳහා වැලිසර නාවික හමුදා කඳවුරට පැමිණ ඇත.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron