මාදැල් ධීවරයින්ගේ සත්‍යග්‍රහය අඛණ්ඩව

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ඇරඹි සත්‍යග්‍රහය අඛණ්ඩව අද (10) හයවන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි.

සත්‍යග්‍රහයේ නිරත මාදැල් ධීවරයින් සඳහන් කළේ ජනාධිපතිවරයා යටතේ කමිටුවක් පත් කරන බවට ඊයේ (19) දිනයේ පැවති සාකච්ඡාවේ දී ඔවුන්ට දැනුම් දුන් බවය.

කෙසේ වෙතත් ඔවුන් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටින බව ද වැඩිදුරටත් පැවසීය.

මේ අතර ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේ වින්ච් මාදැල් ධීවරයින් ගොනුකර ඇති නඩුව පෙබරවාරි 27 වැනිදා යළි කැඳවන අතර ඉන් පසු ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවය.

ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව තහනමක් පැනවීය.

ඒ කොරල්පර, මත්ස්‍ය අභිජනන ස්ථාන විනාශ වීම වැළැක්වීමට සහ සමුද්‍රීය සම්පත රැකගැනීම සඳහා බව පවසමිනි.

කෙසේවෙතත් එම තීරණයට විරෝධය පළකරමින් සහ එම තහනම ඉවත් කරන්නැයි ඉල්ලා දිවයිනේ ප්‍රදේශ කිහිපයක වින්ච් මාදැල් ධීවරයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පෙබරවාරි 5 වැනිදා සත්‍යග්‍රහයක් ඇරඹීය.
 
Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron