මේ ආණ්ඩුව මහා සංඝ රත්නයට සලකන්නේ, බුදු පිළිම තැම්පත් කරන්න ආව හාමුදුරුවෝ රිමාන්ඩ් කරලා

ආණ්ඩුව හිතනවනම් විපක්ෂය මර්ධනය කරලා මහා සංඝරත්නය මර්ධනය කරලා මේ රටේ සංස්කෘතිය විනාශ කරලා ඩයස්පෝරාවට ඕන විදියට තමන්ගේ ප්‍රතිපත්ති තීන්දු තීරණ අරගෙන මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ආණ්ඩුව වැරදියි. අපි ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි සූදානම්.ආණ්ඩුවට කයිවාරු ගහලා දගලන්න දෙයක් නෑනේ අපිට බැන බැන ඉන්නැතුව අර ප්‍රාදේශිය සභා මැතිවරණය තිබ්බ වගේ පළාත් සභා මැතිවරණ තිබ්බ නම් ඉවරයි.එතකොට පළාත් සභා මැතිවරණයේදී ජනතාවට ලැබෙයි තමන්ගේ මනාපය ප්‍රකාශ කරන්න. එතකොට බලන්න පුළුවන් ආණ්ඩුව ඉන්න තැන යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ.

“අපේ තරුණ සංවිධානය ලෝටස් මූමන්ට් එක හරහා මේ රටේ දේශපාලනික වශයෙන් අපේ කඳවුරත් එක්ක සම්බන්ධ සහ සිවිල් සමාජ එක්ක සම්බන්ධ තරුණ පිරිස් ඒකරාශි කරමින් ඉදිරි කාලසීමාව තුළින් එක පැත්තකින් පක්ෂ ගොඩනැගෙන්නෙ කොහොමද අද සහ ඔවුන්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තු සහ අවශ්‍යතාවයන් මේ රට ගොඩනගන්නෙ කොහොමද කියන ආකාරය පිළිබඳව අධ්‍යනයක් කරනවා. ඒ වගේම අපි දේශපාලනික වශයෙන් පෙළගැහෙන්න ලෝටස් මූමන්ට් එකේ එක අදියරක විශාල පිරිසක් සම්බන්ධ වෙනවා ඉතින් ඒ අයගෙ අදහස් අපි හුවමාරු කර ගන්නවා.

දැන් ඔය ලිපිගොනු ගැන අහන්න ඕනේ යහපාලන ආණ්ඩුව වෙලාවෙ සල්ලි අරන් බොරු කිව්වේ ඒ බොරු කියන්න ලියලා දීපු අයගෙන් තමයිඉස්සරම අහන්න ඕන.මොකද දැන් පහුගිය යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙක් අද ප්‍රසිද්ධියේ කියනවා ජේවීපී එකට සමහර සිවිල් සංවිධානවලටයි සල්ලි දුන්නා රාජපක්ෂලාට මඩ ගහන්න කියලා.හැබැයි ඒ කාලේ අපි දැක්කනේ ඩුබායි මැරියට් හෝටලේ ඉස්සරහට ගිහිල්ලා සෙල්ෆි වීඩියෝ දාපු අය හිටියනේ. ඉතින් ඒ අයගෙන් තමයි අහන්න ඕන.සහ අපිට මතකයි මේ ආණ්ඩුවේ වර්තමාන ජනාධිපතිවරයා එදා කියනවා සමහර නිලධාරීන් ෆයිල් හංගගෙන හිටියා මේ ජනාධිපතිවරයාගේ බලයට පැමිණීම සහ ඔවුන්ගේ ආණ්ඩුවක් හදනකන් මේ පරීක්ෂණ කටයුතු වලට සාධාරණයක් කරන්න.ඒ පරීක්ෂණ කටයුතු සාර්ථකව කරන්න ඕන කියල.ඒ ෆයිල් හංගපු අයගෙන් තමයි අහන්න ඕන.අර කැබ් එක මතකයිනේ,ඒක පිටිපස්සේ ෆයිල් මිටි ගණන් ගෙනාවා. ඉතින් කැබ් එක එලවපු කෙනාගෙන් තමයි අහන්න වෙන්නේ මොකක්ද ෆයිල් වලට උනේ කියලා.තමන් සල්ලි වලට බොරු කියලා ඒ බොරු ඇත්ත කරන්න මේ රටේ පොලිසිය පාවිච්චි කරනවා. දූෂණ මර්දන කමිටුවක් කියලා ඒ කාලේ දාලා ඒකේ හිටපු ලේකම් අද පොලිස් ඇමති කරලා. උපරිම කඩේ යන පුද්ගලයෙක් පොලිස්පතිවරයා බවට පත් කරගෙන ඒ පොලිස්පතිවරයාට තමන්ගේම බොරු ටික ඔප්පු කරන්න කියලා බලපෑම් කරලා අද ඒක ඔප්පු කරගන්න බැරිනකොට දැන් එක එක ඒවා මිසින් කියනවා.මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය බලන්නකෝ මහා සංඝරත්නයට සලකන විදිය, ත්‍රිකුණාමලය ස්වාමීන්වහන්සේ බුදුපිළිම තැන්පත් කිරීම සම්බන්ධව එක වෙලාවක කිව්වා බුදු පිළිමය ආරක්ෂා කරන්න පොලිසියට වැඩමෙව්වා කියලා, බුදුපිළිමය ආරක්ෂා කරන්න ආපුු හාමුදුරුවෝ රිමාන්ඩ් කරලා.මේක තමයි මේ අය මේ රටේ දේශපාලනික වශයෙන් බංකොලොත් වෙනකොට එක පැත්තකින් හාමුදුරුවන්ට අපහාස කරනවා තව පැත්තකින් ආගමික නායකයන්ට අපහාස කරනවා දේශපාලන පක්ෂ විවේචනය කරනවා.ඒ ඔක්කොම බැරිවෙලා ෆේල් වේගෙන යනකොට දැන් ඊළඟට කියනවා ඉතින් මේ ෆයිල්වල මේක නැහැ කියලා අරක නැහැ කියලා නහයෙන් අඩනවා.ඉතින් අර ජනාධිපතිතුමා කෙදිරි ගන්න එපා කියලා තියෙන්නේ මේ අයටමයටම තමයි.
අපි ප්‍රශ්නවලටම බය නෑ.මොකද ප්‍රශ්නවලට උත්තර හොයනවා මිසක් අපි ප්‍රශ්නවලින් අයින් වෙන අය නෙවෙයි.

මේ රටේ තරුණ පරම්පරාවට අසීමිත විදියට බොරු කියලා රවට්ටලා තමයි පහුගිය ආණ්ඩුව බලයට ආවේ. ඒ තරුණයන් එක්ක සාකච්ඡා කරලා අපේ අදහස් හුවමාරු කර ගැනීම අප සතු වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. අපේ රටේ තරුණයන්,වැඩිහිටියන් සහ මේ රටේ පක්ෂ විපක්ෂ හැම කෙනෙක්ම තේරුම් අරගෙන තියෙනවා මේ ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා තමන්ගේ පොරොන්දු ඉෂ්ට කරන්න. බොරු කියපුව දැන් එකින් එක අහුවෙනව. ඒ අහුවෙනකොට තමයි ආණ්ඩුවේ අය කෙදිරි ගාන්නේ සමහර වෙලාවට.

ආණ්ඩුව හිතනවනම් විපක්ෂය මර්ධනය කරලා මහා සංඝරත්නය මර්ධනය කරලාමේ රටේ සංස්කෘතිය විනාශ කරලා ඩයස්පෝරාව ඕන විදියට තමන්ගේ ප්‍රතිපත්ති තීන්දුව තීරණය අරගෙන මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ඒක ආණ්ඩුව වැරදි. අපි ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි සූදානම්.ආණ්ඩුවට කයිවාරු ගහලා දගලන්න දෙයක් නෑනේ අපිට බැන බැන ඉන්නැතුව අර ප්‍රාදේ.සභා මැතිවරණය තිබ්බ වගේ පළාත් සභා මැතිවරණ තිබ්බ නම් ඉවරයි.එතකොට පළාත් සභා මැතිවරණයේදී ජනතාවට ලැබෙයි තමන්ගේ මනාපය ප්‍රකාශ කරන්න. එතකොට බලන්න පුළුවන් ආණ්ඩුව ඉන්න තැන.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron